IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


හන්තානේ ’’ට්‍රිප් එක’’ රෝහලෙන් නිමාවේ

( ෂේන් සෙනෙවිරත්න)

කොළඹ ප්‍රදේශයෙන් පැමිණි තරුණයන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක්ව අතරමංව සිටියදී පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔවුන් සොයාගෙන බඹරුන් ඇනීමෙන් අසාධ්‍යව සිටි තරුණයන් තිදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.

පස්දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 26-28 අතර තරුණයන් කණ්ඩායමක් ඊයේ  (18) පෙරවරුවේ හන්තාන කන්ද තරණය කිරීම ආරම්භ කොට ඇති අතර සවස 4.00 පමණ හන්තාන ඉහළම කොටසේ සම්ප්‍රේක්ෂණ කුළුණු ආසන්නයේදී ඔවුන් බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිසිය කියයි.

එම බඹ ප්‍රහාරයෙන් කලබල වී ඉන් බේරීම සඳහා කන්දේ ඒ මේ අත දිව යාමෙන් අධික මීදුමත් වර්ෂාවත් හේතුවෙන් ඔවුන් කන්ද තුළ අතරමං වී යන එන මං සොයා ගැනීමට නොහැකි වී තිබේ.

කෙසේ නමුත් ඔවුන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් අනතුරුව මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ප්‍රමුඛ දස දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ යුද හමුදා කාණ්ඩයක් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව රාත්‍රී 9.00 ට පමණ හන්තාන ඉහළම කොටසේ සම්ප්‍රේෂණ කුළුණු ආසන්නයේ සිටියදී ඔවුන් සොයාගත් බව පොලිසිය කියයි.

එම තරුණයන් ගම්පහ, කිරිබත්ගොඩ සහ වරකාපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පවසන පොලිසිය බඹර ප්‍රහාරයෙන් අසාධ්‍යව සිටි තිදෙනෙකු මහනුවර ජාතික රෝහලේ 28 වාට්ටුවට ඇතුලත් කොට ඇති අතර අනෙක් තරුණයන් දෙදෙනා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව පොලිසිය කියයි.



අදහස් (0)

හන්තානේ ’’ට්‍රිප් එක’’ රෝහලෙන් නිමාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1063 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site