IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හන්තානවත්තේ මට ඉඩමක් ඇති කතාව පට්ටපල් බොරුවක්



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජයට අයිති මහනුවර හන්තාන වත්තෙන් අක්කර 46ක ඉඩමක් දේශපාලන බලපෑම යොදාගෙන  නීති විරෝධීව තමාගේ නමට පවරාගෙන ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  කළ අසත්‍ය ප්‍රකාශයෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනී  නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළාය.

එම අසත්‍ය කාරණය පදනම් කරගෙන සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍යවල සංසරණයවූ පුවත් වලින්ද   තමාට  අපහාසයක් සිදුවූ බව ඇය සඳහන් කළාය.

හන්තානවත්තේ කිසිදු ඉඩමක තමාට හිමිකමක් නැති බවත්  රජයේ ඉඩම් කිසිවක් තමාගේ නමට පවරාගෙන නැති බවත් කිරිඇල්ල මහත්මිය පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

නීතිඥ  චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය මෙසේද පැවසුවාය.

රජයට අයත් කිසිදු ඉඩමක් මා වෙත පවරාගෙන නොමැත. මන්ත්‍රීවරයෙකු ගැන වැරදි අපහාසාත්මක දෙයක් පළ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ දඬුවම් ලැබිය හැකි වරදක්. එසේම පාර්ලිමේන්තුවේ යම් කාරක සභාවකට  ව්‍යාජ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. පාර්ලිමේන්තුවේදී හෝ ඉන් පිටතදී නින්දා කිරීම පාර්ලිමේන්තුවෙන්ද දඩුවම්  කළ හැකි වරදකි.  

මට හන්තානේ අයිති නැති ඉඩමක් ගැන කතා කරමින් එවැනි ඉඩමක් තමා දේශපාලන හයිය යොදාගෙන අත්පත් කරගෙන ඇති බවට කෝප් කාරක සභාවේ  කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. එසේම එය මට කළ නින්දාවකි. එමගින් මගේ කීර්ති නාමයට විශාල හානියක්වූ බවද සඳහන් කරමි.  එසේම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස  ඉන්  මාගේ වරප්‍රසාද කඩවි ඇත. මාග් ඉල්ලීම පාර්ලිමේන්තු බලතල හා  වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.   එම ප්‍රකාශ මා බලයට පත්කළ මහනුවර ජනතාවටද කළ  නින්දාවකි.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා

ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රශ්නය අදාල නිලධාරීන්ට ඉදිරිපත් කරනවා.


 

 

 

 



අදහස් (0)

හන්තානවත්තේ මට ඉඩමක් ඇති කතාව පට්ටපල් බොරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 606 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site