IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෙද වර්ජනයෙන් ගම්පහ රෝහලේ වැඩ අඩාලයි

(තිලකරත්න දිසානායක.)

රජයේ රෝහල්වල සියලුම හෙද නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (1) දිනයේ සේවාවන් සදහා නොපැමිණීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහිද රෝගී සත්කාරක කටයුතු අඩාලවී තිබූ ආකාරයක් දක්නට ලැබිණි.

බාහිර රෝගී අංශ කටයුතු සිදු වූවද වර්ජනය හේතුවෙන්  සායනික කටයුතු , එන්නත් කිරීමේ කටයුතු  අඩාලව තිබූ අතර හදිසි ප්‍රතිකාර හා දැඩි සත්කාර ඒකක කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට පියවර ගෙන තිබිණි.

ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් අරඹා තිබූ වර්ජනයට , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයෙහි සාමාජිකත්වය දරන හෙද හෙදියන් එක්ව සිටියහ.

ඉල්ලීම් නවය සම්බන්ධයෙන් අදාල අංශයන් සමග දිගින් දිගටම සාකච්ඡා කොට ඇතත් විසදුමක් නොමැතිවීම මත දෙදිනක් ලෙඩ නිවාඩු වාර්තා කිරීමත් පවතින ගැටළුවලට විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට වෘත්තීය සමිති පියවර ගනු ඇති බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛා ලේකම් හේමකාන්ති අත්තනායක මහත්මිය ප්‍රකාශ කළාය. ලෙඩ නිවාඩු වාර්තා කොට සිටියද

හදිසි ප්‍රතිකාර හා දැඩි සත්කාර ඒකක කටයුතු සදහා හෙද හෙදියන් නිරතවන බවද ලේකම් වරිය පැවසුවාය.

වර්ජනය පැවතීම සම්බන්ධයෙන් ගම්පහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ අපහසුතා මධ්‍යයේ වුවද රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවය.



අදහස් (0)

හෙද වර්ජනයෙන් ගම්පහ රෝහලේ වැඩ අඩාලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site