IMG-LOGO

හෝටල් සේවකයා ප්‍රධාන කළමනාකරුට බෝතලයකින් පහරදීලා

(තුසිත කුමාර ද සිල්වා) .

අලුත්ගම මොරගල්ල  තරු පන්තියේ සංචාරක හෝටලයක  ප්‍රධාන   කළමනාකරැවකුට සාමාන්‍ය සේවකයෙකු විසින් අද (4) වීදුරු බෝතලයකින් හිසට පහරදී බරපතළ තුවාල කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සේවකයා අත්අඩංගුවට ගත් බව  අලුත්ගම පොලිසිය කියයි.

කාන්තාවකගේ පසුපස පෙදෙස ස්පර්ශ කිරීමේ විනය විරෝධී  ක්‍රියාවක් සේවකයා විසින් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  එම කළමනාකාරවරයා  අදාල සේවකයා කාර්යාලයට කැඳවූ අවස්ථාවේ උරණ වූ සේවකයා මෙසේ එම කළමනාකාරවරයා ට පහර දී ඇතැයි   පොලිසිය කියයි.

සිද්ධිය  සැලවීමත් සමඟ මොරගල්ල සංචාරක පොලිසියේ නිලධාරීන් හා අලුත්ගම  පොලිස්  කණ්ඩායමක්   සහකාර පොලිස් අධිකාරි  දුමින්ද රාජපක්ෂ  මහතා දැනුවත් කර    ඒ මහතා ද සමඟ  සිද්ධියසිදු වූ    හෝටලයේ කාර්යාල පරිශ්‍රයනිරීක්ෂණය කර තිබේ.

පහරකෑමට ලක්වූ කළමනාකාර වරයා  කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර  එම පහර දීමෙන් එක් අතකට තුවාල සිදුවී ඇතැයි කියන සැකකාර සේවකයාද ප්‍රතිකාර සඳහා අලුත්ගම රෝහලට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම ප්‍රදේශය බාර භාර සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අලුත්ගම හා  මොරගල්ල සංචාරක  පොලිස් ස්ථාන ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

හෝටල් සේවකයා ප්‍රධාන කළමනාකරුට බෝතලයකින් පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1088 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site