IMG-LOGO

හිඟුරක්ගොඩ - කඳුරුවෙල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වහයි

(ඩබ්. ඒ. පියතිලක)
 
හිඟුරක්ගොඩ ආපනශාලාවක්, කඳුරුවෙල සහ හිඟුරක්ගොඩ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමීමට කටයුතු කළ බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවැසුවාය. 


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව සිටි, හිඟුරක්ගොඩ  හතමුණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි හමුදා නිලධාරියෙකුට කෝවිඩ්-19 ඊයේ(14) ආසාදනය වී ඇති බව සනාථවීමත් සමග ඔහු ආහාර ලබා ගත් ආපනශාලාව මෙසේ වසා දමා තිබේ.
 
හිඟුරක්ගොඩ බස් නැවැතුම්පොළ ඉදිරිපිට ඇති  ආපනශාලාවෙන්  දින කිපයක් ආහාර ලබා ගෙන ඇති බවත්,  කඳුරුවෙල සහ හිඟුරක්ගොඩ පිහිටි විද්‍යුත්  උපකරණ අලෙවි ආයතන තුනකට මෙම යුද හමුදා නිලධාරියා ගොස් ඇති බවත්, එම ආපනශාලාවත් වෙළඳ ආයතන දෙකක්  එහි සේවක සේවිකාවන් නිවාස තුළ ස්වයං නිරෝධානය කිරීමට  කටයුතු කළ බවත් නිල්මිණි මහත්මිය  වැඩිදුරටත් පැවසුවාය.
 
එම වෙළඳසැල්වළට ආ ගිය පිරිස පිළිබඳව මේවන විට සොයා බලා එම අය නිවාස තුළ  ස්වයං නිරෝධාන කිරීමටත් ආපනශාලාව සහ වෙළඳ ආයතනයේ කාර්යමණ්ඩලයේ සේවක සේවිකාවන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමටත් කටයුතු කරන බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය සඳහන් කළාය. 



අදහස් (0)

හිඟුරක්ගොඩ - කඳුරුවෙල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 150 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 439 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site