IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


සේවා දිගුවකින් ඇමැති - ලේකම් ගැටෙයි?

(රංජන් කස්තුරි)

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදේශ ගතව සිටින කාලයේදී ඔහුට නොදන්වා ලේකම්වරයා  ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන් මහතාට සේවා දිගුවක් ලබාදී තිබේ.

ලේකම්වරයා එම සේවා දිගුව ලබාදෙමින් ලිපියේ සඳහන් කර ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පත්වීම සිදුකරන බවයි.

එහෙත් දිවයිනට පැමිණි පසු ඒ බව දැන ගත් බලශක්ති අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම අවලංගුකර තිබේ.

අමාත්‍යවරයා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව එවැනි සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.

 



අදහස් (0)

සේවා දිගුවකින් ඇමැති - ලේකම් ගැටෙයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1278 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site