(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට මෙරටින් පලායාමට උදව් උපකාර කළ පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඒ අතර ඇය රැඳී සිටි බව කියන කිලිනොච්චිය නිවසේ හිමිකරු , සැකකාරියට පලායාම සඳහා සංවිධානය කළ පුද්ගලයා මෙන්ම බෝට්ටුව සැපයූ පුද්ගලයාද වන බව පොලිසිය කියයි.
මේ වන විට ඉෂාරා සෙව්වන් දී නැමැත්තියට නවාතැන් පහසුකම් ලබාදීම මෙරටින් පලායාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු නව දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් පෙබරවාරි මස 19 වෙනිදින කනේ මුල්ල සංජීව නමැත්තා අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ඝාතනය කිරීමෙන් අනතුරුව දොඩංගොඩ සහ මිද්දෙණිය ප්‍රදේශවල රැඳී සිටි සැකකාරිය ඉකුත් මැයි 6 පළාත් පාලන මැතිවරණ දිනයේදී යාපනය බලා පලා ගොස් තිබිණි.
සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටුව සැපයූ පුද්ගලයා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දි ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ඉන්දියාවට පලායාමේදී ඇයගේ සහායට තරුණයන් තිදෙනෙකුද බෝට්ටුව සැපයූ පුද්ගලයා යොදවා ඇතිවී ඇතැයි ද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෙව්වන්දිට රට පනින්න උදව් කළ 5ක් අල්ලයි