
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ යාපනය නිවසේ සඟවා තිබූ එල් ටි ටි ඊ සංවිධානය පරිහරණය කළ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකාර හිටපු එල් ටි ටි ඊ සාමාජිකයාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සමග විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් ඊට යොදන මැගසින් දෙකක් , 9එම් එම් වර්ගයේ ජීව උණ්ඩ හතක් සොයා ගෙනඇත.
එම සැකකරුට ගිනි අවි ලබා දුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයා අඩංගුවට ගෙන ඇති වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේදී බව පොලිසිය කියයි.
ඉෂාරා සෙව්වනදි විදේශගත කිරීමේ සිද්ධියේසම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් දස දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් බෝට්ටු සැපයූ පුද්ගලයාගේ වයස 52 ක් වන අතරින් ඔහුට ගිනි අවි ලබා දුන් පුද්ගලයාගේ වයස අවුරුදු 43 කි.
2025 ඔක්තෝබර් මස 08
1458
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
473
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෙව්වන්දි නවත්තා ගත් යාපනේ ගෙදරින් කොටින්ගේ අවි
සෙනෙවිරත්න Sunday, 26 October 2025 01:47 PM
පොලිස් ඇමැතිගේ යාලුවෙක්ද කියලා හොයලා බලන්න ඕනෑ...
කැහිකාරයාSunday, 26 October 2025 03:03 PM
අනිවාර්යයෙන්ම...! හිටපු කෙනාගේ මිතුරෙක්. බෑග්වලනේ සල්ලි පොදි දුන්නේ...