IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


සුරාබදු පස් දෙනා හත දක්වා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

කොළඹ මුහුදු මාවතේ වෙළදසලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 06 දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා සැකකරුවන් ලබන 07 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වන සැකකරුවන් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මීට දින පහකට පෙර කොළඹ මුහුදු මාවතේ වෙළදසලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරාගැනීමේ සිද්ධියකට අදාලව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අද පස්වරුවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්,සැකකරුවන් පිළිබඳ විමර්ශන සිදු කරන හෙයින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ අනූජ පේමරත්න්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිල්ල ඉදිරිපත් කරන කරුණු කිසිසේත් පිළිගත නොහැකි බවය.

සොරා ගත්තේ යැයි කියන මුදලින් කොටසක් යළි සැකකරුවන් විසින් ලබා දුන්නේ යැයි කියන පැමිණිලිකරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට දින ගණනක් ගතකොට ඇති බවද පැවසීය.

 



අදහස් (0)

සුරාබදු පස් දෙනා හත දක්වා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site