IMG-LOGO

සුජීව සේනසිංහ ප්‍රකාශයක් දීම හය වතාවක් මග හැරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ලබන  16 වැනිදා අධිකරණයට  ඉදිරිපත් කරන ලෙසත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කළාය.

රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී වී8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස්  කිරීමේ සිදුවීමට අදාළ නඩුව කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නිලුපුලී ලංකාපුර මෙනවිය එසේ  නියෝගය   කළාය.

එහිදී අදහස් දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී වී 8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස් කළ බවට චෝදනා එල්ල වී තිබෙන සුජීව සේනසිංහ මහතා  එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම අවස්ථා හයකදී මගහැර ඇති  බවය.

ඔහු පදිංචිව සිටි කොල්ලුපිටියේ නිවසට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇතත් නිවස ඉබි යතුරු දමා වසා දමා ඇති බව රජයේ අධිනීතිඥවරයා කීය. විමර්ශනයට සහාය නොදෙන්නේ නම් සැකකරුවෙක් ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගතහැකි බව අධිනීතිඥවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

ශක්ති ජාගොඩආරච්චි මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් අදාළ නඩුව පසුගියදා කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ සුජීව සේනසිංහ මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ ගතවී ඇති බවයි. එසේම ඔහු තව දින කීපයකින් මෙරටට පැමිණෙන බවද ජනාධීපති නිතිඥවරයා පැවැසුවේය.

එම අවස්ථාවේ රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා සිටියත් ජනාධීපති නිතිඥවරයා ඊට විරෝධය පළ කළේය. ජනාධිපති නිතිඥවරයා සේවා දායකයා විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණූ දැක්වීම යුක්ති සහගත නොවන බවය. කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශක්ති ජාගොඩආරච්චි මහතාට කරුණු දැක්වීමට මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අවසර ලබා දුන්නාය.

සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉහත නියෝගය කළ අතර  ඒ අනුව නඩුව එළැඹෙන 16  වැනිදා යළි කැඳවීමට නියමිතය.



අදහස් (1)

සුජීව සේනසිංහ ප්‍රකාශයක් දීම හය වතාවක් මග හැරලා

අරවින්ද මොණරවිල Monday, 07 July 2025 06:18 PM

බනානා සුජියා හැංගිලා, දැන් තමයි මිනිහගේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරන් තියෙන්නේ ! බැඳුම්කරේ වංචාව වෙන් ගත්තු සල්ලි ගැන කියන්නත් ලැහැස්ති වෙලා වරෙන් මල්ලි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 574 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1004 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site