IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සීදූවේ වෙඩි තැබීමක්

(ගයාන් සූරියආරච්චි)

සීදූව රාජපක්ෂ මාවත ප්‍රදේශයේදී අද (21) රාත්‍රී යතුරුපැදියකින් පැමිනි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබළකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසිය.

විශ්‍රමික යුද හමුදා සෙබළාට සැකකරුවන් වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කර පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

එම වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ මුඛය සහ පාදවලට තුවාල සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ විශ්‍රාමික යුද හමුදා සෙබළාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් රාගම රෝහලට ගොස් ඇති බව ද පොලිසිය පවසයි.



අදහස් (0)

සීදූවේ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site