(රෝෂන් තුෂාර)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට " දොන් අධිත්‍ය අභිමාන " නමින් ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලියාපදිංචිකර නිකුත් කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි සීතාවක ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ට්‍රාර් රුවිනි වාසනා සැකකාරිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28)නියෝග කළාය.
අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන්, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 24 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාරියට රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ව්‍යාජ ලියාපදිංචිය සිදු කළේ යැයි කියන පරිගණක දත්ත පද්ධතිය මොරටුව විශ්ව විද්‍යාලය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ රාජ්‍ය නිලධාරියෙකුව සිටිමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමට ආධාර අනුබල දීම, දණ්ඩ නීති සංග්‍රහයේ හා ආගමික විගාමික පනතේ වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව තවදුරටත් විමර්ශන සිදු කරන බවය.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සීතාවක අතිරේක රෙජිස්ට්‍රාර්ට ඇප