(කාංචන කුමාර ආරියදාස)
කොණ්ඩා කට්ටකින් සිගිරි කැටපත් පවුරේ අකුරු ලියු තරුණිය ලබන 26 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා අද නියෝග කළේය.
මෙසේ භාන්ධනාගාර ගතවුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංකාරිනියක වන මුත්තු කුමාරි නිරංජලා 21 හැවිරිදි තරුණියකි.
සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රිසි අකුරු හයක් ලියු බවට සැකකරන විසි එක් හැවිරිදි තරුණියක් සැකපිට 14 දින පස්වරුවේ අත් අඩංගුවට ගත් බව සීගිරිය අධිකණයට දැන්වීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සීගිරියේ කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
සීගිරී කුමාරි නිරංජලා Monday, 15 September 2025 04:22 PM
අවම වශයෙන් මාස තුනක්වත් මුළු සීගිරිය අවට ප්ලාස්ටික් සහ අනෙකුත් කසළ පිරිසිඳු කිරීමට යොදවන්න. නැවත කොණ්ඩා කටු අවශ්‍ය නොවන විදිහට කොණ්ඩය මුඩුකරන්න. එතකොටවත් හැදේවි.
කව්ද බෝයි Monday, 15 September 2025 04:24 PM
කැටපත් පවුරේ අකුරුත් ලියලා, මුහුණු පොතෙත් දාලද? එහෙනං ඉතිං GEN Z කට්ටිය තමයි.
අරවින්ද මොණරවිල Monday, 15 September 2025 05:06 PM
මීට කලිනුත් අවස්ථා කිහිපයකදීම මෙවැනි දේ සිදු උනා, එහෙම කරන්නේ එතැන ගැන නිසි අවබෝධයක් නැති නිසා ඒ නිසා සීගිරි නරඹන්න එන දෙස් විදෙස් සංචාරකයින්ට එහි ඇති වැදගත්කම හා හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීමට ක්‍රම ක්‍රියාත්මක කල යුතුය. ඒවගේම සංරක්ෂණය විය යුතු ස්ථාන ආරක්ෂා කරන්න වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි. එහෙම නැතුව වැරදි කරන තුරු බලාගෙන ඉදලා පසුව අල්ලාගෙන ගිහිල්ලා නඩු දාන එක නම් මහ අනුවණ ක්‍රියාවක් !