IMG-LOGO

ස්මාර්ට් විදියට දඩ ගෙවන පහසුකම බස්නාහිරට

(අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාතේ  සහ අධිවේගී මාර්ග වල ස්ථානීය  දඩ "Govpay" ඇප් එක හරහා ගෙවීමේ ක්‍රමවේදය අද (28) සිට  ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

අදාල දඩ මුදල් වල කිසිම වෙනසක් සිදුකර නැතැයිද ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay හරහා දඩ ගෙවීම සිදුකළ හැකි යැයි ද අමාත්‍යවරයා කීය. මෙම ක්‍රමය නිසා දඩ ගෙවන තැනැත්තාට තැපැල් කාර්යාල ගානේ රස්තියාදු වීමට සිදු නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාල දඩ ගෙවීම් ක්‍රමවේදය සාර්ථක කර ගැනීම සඳහා පොලිස්  නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව  පැවසු අමාත්‍යවරයා අද දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට  අදාල "ඇප් එකෙන්" දඩ මුදල ලබා ගැනීමට හැකි ජංගම දුරකථන ලබාදීමට නියමිත බව ද පැවසීය.

ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ  කැපවීම මත මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාව හිමිවූ බව ද අමාත්‍යවරයා කීය. ඉදිරි මාස කිහිපය ඇතුලත සෙසු පොලිස් ස්ථානවලට ද ජංගම දුරකථන ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.

 මේ සම්බන්ධයෙන් ඩිජිටල් අමාත්‍යාංශය මඟින් පුහුණු වැඩසටහන් කිහිපයක් පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියමිත අතර, අගෝස්තු මස 4 වන දිනට පෙර මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බස්නාහිර පළාතේ  ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියේය. මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා වරාය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය



අදහස් (1)

ස්මාර්ට් විදියට දඩ ගෙවන පහසුකම බස්නාහිරට

de silva Monday, 28 July 2025 11:56 AM

govpay එක පමණක් දීලා මදි... හැමෝම ඔය Govpay ඇප් භාවිතා කරන්නේ නැහැ.. නමුත් ලංකාවේ විශාල පිරිසකට ක්‍රෙඩිට්, ඩෙබිට් කාර්ඩ් තිබෙනවා. පොලිසියට ඩෙබිට්, ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගෙවන්න පහසුකම ඇති අතේ ගෙනයාහැකි ක්‍රෙඩිට් කාර්ඩ් මැෂින් දෙන්න ඕනේ... අවශ්‍ය නම් එම මැෂින් එකට, govpay එකත් අන්තර්ගත කරගන්න පුළුවන්... ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ට බොඩි කැම් අනිවාර්ය කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site