IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිර දඬුවමට එරෙහිව රාහුල්ගෙන් අභියාචනයක්

සුරාට් අධිකරණයේ ගොනු කර තිබූ සාපරාධි අපහාස නඩුවට වරදකරු යැයි තීන්දු කරමින් එම අධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව කොංග්‍රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි අද (3) ගුජරාට් අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය.

“හොරු සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” මැතිවරණ රැළියකදී රාහුල් ගාන්ධි කළ ප්‍රකාශයක් හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කර තිබිණ.

එම නඩුව විභාගයට ගනිමින් රාහුල් ගාන්ධි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපහාස කර ඇති බව තීන්දු කළ සුරාට් අධිකරණය වසර දෙකක සිර දඬුවමක් නියම කරමින් එය දින 30 කාලයක් අත් හිටුවා ඇප ලබා දුන්නේය.ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා මෙසේ දඬුවම දවස් 30 ක කාලයක් අත්හිටුවන ලදී.

රාහුල් ගාන්ධිගේ සොයුරිය ප්‍රියංකා ගාන්ධි, කොංග්‍රස් පක්ෂය පාලනය කරනු ලබන ප්‍රාන්ත තුනේ මහ ඇමතිවරු රාහුල් ගාන්ධි සමඟ අභියාචනාධිකරණයට පැමිණ සිටියහ.

එහිදී ගුජරාත් අධිකරණය අභියාචනය විභාග කර අවසන් වන තෙක් වසර දෙකක සිර දඬුවම අත්හිටවමින් ඇප ලබා දෙන ලදි.එළඹෙන 13 වැනිදා අභියාචනය විභාග කිරීමට නියමිතය.

වසර දෙකක සිර දඬුවම ලබා දීම අත් හිටවූවත් අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව ගුජරාත් අධිකරණය රාහුල් ගාන්ධිව නිදොස් කොට නිදහස් නොකොළහොත් ඔහුගේ අහෝසි කරන ලද මන්ත්‍රී ධුරය නැවත නොලැබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

 



අදහස් (1)

සිර දඬුවමට එරෙහිව රාහුල්ගෙන් අභියාචනයක්

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 03 April 2023 09:30 PM

අපෙන් ඔය වගේ කෙනෙක් ඉන්නවා.අප දන්න කාලෙ ඉඳන් ඔය මන්තරෙ මතුරනවා. සාපරාධී අපහට නඩුවක් දාලා දඩුවම් දිය යුතුයි.(සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි වුවහොත්).ඒ අනුර කුමාර සෙලෙස්කි නොහොත් නූතන හනුමාන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site