IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සයිබර් ආරක්ෂාවට අලුත් වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය - 2025-2029 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2018 වර්ෂයේදී හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකාවේ පළමුවන තොරතුරු සහ සයිබර් ආරක්ෂණ මූලෝපාය 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් පළමු වන සයිබර් ආරක්ෂණ මූලෝපාය මත පදනම්ව සහ ලෝක බැංකුවේ සහාය ඇතිව සයිබර් ආරක්ෂාව පිළිබඳ " ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025-2029" සකස් කරනු ලැබ තිබේ. 

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් වන සිවිල් ක්ෂේත්‍රයන් පමණක් ආවරණය වන පරිදි, නෛතික හා නියාමන රාමු වැඩි දියුණු කිරීම, දැනුම වැඩි කිරීම, සයිබර් ආරක්ෂණ සුදානම වැඩිදියුණු කිරීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව වැඩි කිරීම යන තේමා ක්ෂේත්‍ර පදනම් කරගෙන එකී මූලෝපාය කෙටුම්පත් කර ඇත. ඒ අනුව, " ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025-2029" ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සයිබර් ආරක්ෂාවට අලුත් වැඩක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 35 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 251 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site