IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට

(අංජුල මහික වීරරත්න)

නවීන ලෝකයට ගැලපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරඟකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට පත්කර නවීන විෂයානුබද්ධ පාඨමාලා හඳුන්වා දීමට සැලැසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අද (22) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සිසු දරුවන් සමඟ කතා බහකට එක්වෙමිනි.

දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබසිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය මේ වන විට  ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන අතර මෝටර් කාර්මික ඇතුළු වෘත්තීය තාක්ෂණ පාඨමාලා, තොරතුරු තාක්ෂණය, සැලසුම් සහ ත්‍රිමාණකරණය, භාෂා පාඨමාලා, පෙර පාසල් පුහුණු පාඨමාලා, රූපලාවණ්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍ය පාඨමාලා රැසක් මෙහි පවත්වාගෙන යනු ලබයි.



අදහස් (2)

සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට

prasad Thursday, 22 February 2024 06:13 PM

ඇත්තටම හොඳයි , ඒත් තාක්ෂණික උපාධියක් තියාන මේ මම රැකියාවක් නැතිව ඉන්නවා , රැකියා දෙන වැඩපිළිවෙලක් නැත්ද ? තක්ස්හනෙන් වැඩක් ගන්න තාක්ෂනිකයන්ට කර්මාන්ත පුර පිහිටුවන්ට තාක්ෂණික ෂමය අපේ රටෙන් දෙන්න පුළුවන් විදියට එහාකොට රැකියා ව්‍යුක්තිය අඩුවෙනවා

:       0       0

chandima Thursday, 22 February 2024 06:14 PM

ආණ්ඩුව ඉවරවෙන්න පන අදින කාලේ වෙනකල් මේවා මතක් උනේ නැහැනේ ?ආයෙත් මීළඟට පන අදින කාලේ වෙනකල් අමතක වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site