(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේදී හොදම පසුබිම් දර්ශන සහිත රටක් බැවින් එය ලෝක සිනමා කර්මාන්තයේ අවදානයට ලක් කිරීමට සහ එය මෙරට සංචාරක කර්මාන්තයතයේ ප්‍රවර්ධනය සදහා දායක කර ගැනීමට , යොදා ගැනීමට සම්මානනීය ඉන්දීය ජාතික සිනමා අධ්‍යක්ෂ දීපා මෙහෙතා ( Deepa Mehta ) මහත්මිය දිවයිනට පැමිණියාය .
ජාත්‍යාන්තරය දිනූ සිනමා නිර්මාණකරණයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් පසුව , විශාල වශයෙන් සිය නිර්මාණ සදහා , ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ , පසුබිම් දර්ශන සදහා යොදා ගත් සිනමා අධ්‍යක්ෂවරිය , දීපා මෙහෙතා මහත්මියයි .
ඇය විසින් ශ්‍රී ලංකාව තුළ රූගත කළ සිනමා නිර්මාණ ත්‍රිත්වයක් ඔස්කාර් සම්මාන උළෙලේ දී නිර්දේශිත නාමයන් අතරට ද පැමිණ තිබේ .
වෝටර් ( Water ) , මිඩ් නයිට්ස් චිල්රන්ඩ් ( Mid Night's Children ) සහ ෆනී බෝයි ( Funny Boy ) එම චිත්‍රපට ත්‍රිත්වයයි .
එයින් මිඩ් නයිට්ස් චිල් රන්ඩ් සහ වෝටර් චිත්‍රපට දෙක හෙට (30) දින බෙන්තොට සිනමන් බීච් හෝටලයේ දී දෙස් - විදෙස් ප්‍රේක්ෂකයන් හමුවේ තිරගත කිරීමට නියමිතය .
මීට අමතරව ෆනී බෝයි චිත්‍රපටය ජූනි 01 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරියක මෙරටට