IMG-LOGO

සමහරු ගෙවල්වලට යන්න අන්තර් හුවමාරු හදලා

(සුජිත් හේවාජුලිගේ)

සමහරුන් දක්ෂිණා අධිවේගේ මාර්ගයේ අන්තර් හුවමාරු ඉදි කළේ තමන්ගේ ගෙවල්වලට යෑමට බව ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි  ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ  අජිත් පී පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස කෙරුණු කටයුතු ගොඩක් තියෙනවා. එම මාර්ගයටම තියෙන්නේ එකම එක විවේක ප්‍රදේශයයි. ඒ මුළු ප්‍රදේශයම අවුරුදු අනූ නවයටම බදු දීල තියෙන්නේ රුපියල් දහදාහකට. රාජපක්ෂල තමයි මේවා කළේ. අපිට අද බණ කියනවා. සමහර අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල් වලට යන්න හදලා තියෙනවා. වෙන් කරපු  නම් කරපු විවේක කලාප හදන්න රාජපක්ෂවරුන්ගේ ගෝල බාල නිලධාරීන්  ඉඩ දුන්නේ නෑ.  මේකට බිලියන ගණනාවක් නාස්ති කරලා තියෙනවා. නාස්තිකාර වියදම් අපේ සැලසුම් වල නැහැ.



අදහස් (0)

සමහරු ගෙවල්වලට යන්න අන්තර් හුවමාරු හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1975 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 704 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site