IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සදේ පස් ගල් බලන්න ලංකාවටත් වරම්

(සුජිත් හේවාජුලිගේ)

මිනිසා පළමු වරට සඳ තරණය කළ අවස්ථාවේදී සඳෙන් රැගෙන ආ පස් සහ පාෂාණ සාම්පල  ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ  ප්‍රදර්ශනය කිරීම අද (21) සිට ආරම්භ කෙරුණු බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් සනෝඡා කස්තුරිආරච්චි මහත්මිය පැවසුවාය.

වර්ෂ 1969 ජූලි 21ක මිනිසා පළමුව සඳ තරණය කළ අවස්ථාවේ සඳෙන් රැගෙන ආ පස් හා පාෂාණ  සාම්පල් ශ්‍රී ලංකාවටද  ලැබි ඇති බව ඇය කීවාය.

ජනතාවට මේවා දැක බලා ගැනීමට හැකිවීම දුර්ලභ අවස්ථාවක් බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මග පෙන්වීමෙන් සඳ පිළිබඳ විස්තරාත්මක සහ ආකර්ෂණීය තොරතුරු අැතුළත් විශේෂ මැදිරියක්ද ඉදිරි මාස දෙක තුනේදී සකසන බවත් කස්තුරිආරච්චි මහත්මිය පැවසුවාය.

සඳ ගමන පිළිබඳව සහ චන්ද්‍රයා පිළිබඳව ප්‍රදර්ශන කුටිය කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික  විද්‍යා අංශයේ අංශාධිපති සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ  සභාපති  මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා සනොජා කස්තුරිආරච්චි මහත්මියගේ  මූලිකත්වයෙන්  ඊයේ  විවෘත  කෙරිණි.  



අදහස් (0)

සදේ පස් ගල් බලන්න ලංකාවටත් වරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site