IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සතුනට බඩ ඉරිඟු ගෙනත් රජයට කෝටි 12ක් පාඩු කරලා

(රෝෂන් තුෂාර)

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සතු බලපත්‍රය යටතේ සත්ව ආහාර නිෂ්පාදනයට පාකිස්ථානයෙන් බඩ ඉරිගු ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහකට අධික පාඩුවක් කළේ යැයි කියන සමාගම් විසින් එම මණ්ඩලයේ හිටපු නිලධාරීවරයකුට රුපියල් ලක්ෂ 50 තුටු පඩුරක් ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය‍ෙ පැවසීය.

2023 වසරේ අගෝස්තු මාසයේදී මෙම බඩ ඉරිඟු ආනයනය කර ඇති බවත්, මෙරටට සත්ව ආහාර ආනයනය කිරීමේ එකම බල අධිකාරිය වන ජාතික ආහාර ප්‍රරවර්ධන මණ්ඩලයට රාජ්‍ය කොටස නොගෙවීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදුව ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි ඉටු නොවීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදුවී ඇති බවට පෙනී යන බවත් ,ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල හිටපු නිලධාරියකුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ පණහක මුදලක් බැර වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.

බඩ ඉරිඟූ මෙට්‍රික් ටොන් 25000 ක් 2023 වසරේදි ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගම්ලට අවසර ලබා දීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදු වී ඇති බව ද පැවසීය.

මෙම විමර්ශනය කැඳවූ අවස්ථාවේදී සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කර රජයට පාඩු හා වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත පුද්ගලික සමාගමක අබ්දුල් කාදර් මොහොමඩ් හස්නා නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා කරුණු දක්වමින් කියා සිටියේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් 121864655.00ක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙත පියවීම නොකර මෙම වංචාව හා පාඩුව සිදු කර ඇති බවය. පොලිසිය මෙසේද කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

සතුනට බඩ ඉරිඟු ගෙනත් රජයට කෝටි 12ක් පාඩු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30713 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12714 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10920 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 812 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site