(මුදිතා දයානන්ද )
‘මේ සටන අපි කෙළවර කරන්නේ මාලිමාවේ ජයග්‍රහණයෙන්‘ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (02) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ මාතලේදී පැවති ජාතික ජනබලවේගයේ රැළියක් අමතමිනි.
එහිදි ඔහු මෙසේද පැවසීය.
අරගලයක ප්‍රතිඵලයක් විදිහට ගිය වසරේදී ගෝඨාභය ජනාධිපති, අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලය ඔවුන්ගේ තනතුරුවල ඉන්න බැරිව පැනලා ගියා. ඒ අරගල ගැන කතා කරද්දී 1848 මාතලේ දිස්ත්‍රික්කයේ සිදුවුණු අරගලය අපට සිහිපත් වෙනවා. මේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අරගල කළ භූමියක්.
දැන් රට පුරාම, ප්‍රධාන සටන් පාඨ තුනක් තිබෙනවා. හැත්තෑපස් වසරක දේශපාලනය සංක්ෂිප්ත වෙලා, ගොඩනැගුණු ජාතික සටන් පාඨයක් තමයි “හොරු පන්නමු”. ඒක මේ රටේ හොරුන්ගෙන් කාලා ඇඳලා සිටින කෙනෙක් හැර අනෙක් සෑම කෙනෙකුගේ හදවතේ ගැබ්වෙලා තිබෙන සටන් පාඨයක්.
මේ හොරු පන්නා දැමීම විතරක් මදි “හොරුන්ට දඬුවම් දිය යුතුයි.” මහ බැංකුව කඩපු එවුන්ට, ඔවුන්ට දඬුවම් නොදීපු එවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රටේ ජනතාවගේ ධනය හොරා කාපු එවුන්ට දඬුවම් දිය යුතුයි. ඊළඟ සටන් පාඨය තමයි නියමිත පරිදි “පළාත් පාලන ඡන්දය පවත්වනු.” ජාතිවාදී වශයෙන්, පක්ෂ වශයෙන් බෙදී සිටි බොහෝ දෙනා මේ සටන් පාඨය වටා එකතු වුණා.
තුන්වෙනි සටන් පාඨය තමයි “හොරා කාපු ධනය නැවත පවරා ගත යුතුයි”යන්න. මේ සටන් පාඨය විරුද්ධ පක්ෂ නායක සජිත්ට තේරුම් ගන්න බැරි වෙලා. ඔහු කියනවා මාලිමාව බලයට ආවොත් ජනතාවගේ දේපළ, නිවාස රජයට පවරා ගන්නවා කියලා.
සජිත්ට තේරෙන්නේ නෑ. එහෙම නැතිනම් මොළේ හොඳ නැහැ. ජනතාව කළ යුතු වැඩ අපි කරන්නේ නැහැ. ජනතාවගේ ව්‍යාපාර අපි පවරා ගන්නේත් නැහැ. ජනතාවගේ වැඩ ජනතාව කළ යුතුයි. ඔබ ඔබේ දෙමව්පියන් බලා ගත යුතුයි. සජිත්ගේ මව බලාගන්නේ රජයෙන්. මාලිමාව රජයක් යටතේ ඔහුගේ මව බලා ගැනීම පෞද්ගලිකව කර ගැනීමට පවරනවා.
මේ වගේ රජයෙන් නඩත්තු වෙන කිහිප දෙනෙක් ඉන්නවා. ඒවා අපි නතර කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවුරුදු පහටම දවස් 20ක් පාර්ලිමේන්තු වාර්තා කළත් විශ්‍රාම වැටුපක් ගෙවනවා. මාලිමාව පාලනයක් යටතේ ඒවා අපි අත්හැර දමනවා.
දැන් මඩ සහ අවලාද යුගයක් ඇවිත් තිබෙනවා. ඒ මාලිමාව දිනන තැනට ආව නිසා. හොරකම් දූෂිතයෝ, මිනිමරුවෝ තමන්ට දිනන්න බැරි ඡන්ද පවත්වන්නේ නැහැ. ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් , පාස්කු ප්‍රහාරය ඇතුලු ඝාතන ලැයිස්තුවට ඔවුන් නිමල් අමරසිරි සහෝදරයා ඝාතනයෙන් තවත් අලුත් දේශපාලන මිනීමැරුමක් එකතු කර ගත්ත
මේ ඡන්දෙ කල් දමන්න පොලිස්පති, මුද්‍රණාලයාධිපතිනිය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හවුල් වෙලා තිබෙනවා. ඔවුන්ගේ පිටිපස්සේ අනිවාර්යයෙන් එක්කෝ මිනීමැරුම්, නැත්නම් හොරකම් දූෂන තිබෙනවා. මේ අය ඡන්දෙ තියන්නෙ නෑ.
හොරුන්ටත් හොරු රකින අයටත් බලයට එන්න බැරි තත්වයක් ජනතාව විසන් නිර්මාණය කර තිබෙනවා. මාලිමාව වටා පෙළගැසෙමින් ගොඩනඟා තිබෙන දැවැන්ත ජනතා බලය හමුවේ තමයි ඒ තත්වය නිර්මාණය වෙලා තිබෙන්නේ. මාර්තු 09 ඡන්දෙ නැත්තේ ඒකයි. මේක ඓතිහාසික සත්‍යයක්.
දැන් අපි ඡන්දය දිනා ගත යුතුයි. මේ රටේ අරගලයේ යෝධයා වෘත්තීය සමිති ඒකාබද්ධව ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. අපි පසුගිය 26 වැනිදා ඉතා සාර්ථක දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී කළා. එහිදි අපේ සහෝදරයෙකුට දිවි පුදන්න සිදුවුණා. ඔහුට අපේ ආචාරය අපේ ප්‍රණාමය පුද කරනවා. මේ සටන කෙළවර කරන්නේ මාලිමාවේ ජයග්‍රහණයෙන්.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව
මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශ
රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සටනේ කෙළවර ජයග්‍රහණයයි