IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයෙකු අද(11 ) කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

54 හැවිරිදි මොහු , මෙම ගුවන් යානයේ පැමිණි එකම චීන ජාතිකයාය .

 යානයේ ගමන් ගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 81 හැවිරිදි ඇමෙරිකානු කතෝලික පූජකවරයකු , ශ්‍රී ලංකාවේ වාසය කරන සිය වැඩිමහල් සොහොයුරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇයට පරිත්‍යාග කිරිමට මෙම ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදල රැගෙන විත් තිබේ .

මෙම ගුවන් යානය අබුඩාබි නුවරින් පිටත් වී මද වේලාවකට පසු , මෙම පූජකවරයාගේ ගමන් මල්ලේ තිබූ මුදල , මෙම චීන ජාතිකයා විසින් සොරා ගෙන තිබේ .

මේ බැව් ගුවන් සේවා නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු , ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ .

 



අදහස් (0)

ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි
2025 මැයි මස 12 7 0

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 121 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


කොළඹ පුරපති පුටුවට රහස් සාකච්ඡා
2025 මැයි මස 12 314 0

කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග


කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක්
2025 මැයි මස 12 136 0

සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.


යුද ගිනි නිවී ලෝක සාමය උදාවේවා
2025 මැයි මස 12 53 0

ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාම


බුදු දහම ලොවම වටහා ගත යුතු කාලය ඇවිත්
2025 මැයි මස 12 87 0

බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1106 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1456 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site