(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ගොවි සංවිධාන තමා හමුවීම තහනම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ගොවි සංවිධාන හතළිස් දෙකක නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී හෙට හමුවීමට නියමිතව ඇති බවත් සමහර නිලධාරීන් එම ගොවි නියෝජිතයින්ගේ පැමිණීමට එරෙහිව ප්‍රශ්න මතුකර ඇති බවත් ඔහු කීවේය.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා:

විපක්ෂ නායකතුමාට කවුද එහෙම කළේ?. ඒක වැරදියි. ඒක කරපු කෙනාගේ නම කියන්න.

සජිත් ප්‍රේමදාස මහතා:

පාඩමේන්තුව ඇතුළට පැමිණීම ගැන ප්‍රශ්න මතු කරලා.