(අංජුල මහික වීරරත්න)
සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා මහත්ම මහත්මීහු මෙම ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒමේ ස්ථාවරය යථාවත් කිරීම සඳහා මෙම පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂය කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සජබ එක්ක යාළුකම වැඩි කරගන්න එජාපෙන් ත්‍රිපුද්ගල කමිටුවක්
Rasi Thursday, 16 October 2025 11:28 AM
විහිලුවට වගේ කිව්වට, මේ යන විදියට ඇත්තටම ඊලග චන්දෙදි එකට තියල පරද්දන්න පුළුවන් වෙයි වගේ. සුන්බුන් සෙට් එක එකට කන්න සුදානම් වෙමින් ඉන්නේ.
කෞෂිThursday, 16 October 2025 12:03 PM
පව් වැඩ කරන්නෙපා, අනික් හොරමුලත් ගන්න හැංගිමුත්තං කරන්න.
sumith Thursday, 16 October 2025 11:32 AM
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ? මට කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරපු, පාගල දාපු, තුට්ටුවකට මායම් නොකරපු කජු සීයාගේ පක්ෂයයි (UNP/SJB දෙකම) සහ මයිනගේ පක්ෂයයි (SLPP) දෙකෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන එකෙක් ඉන්නවනම් ඌට පිස්සු වෙන්න ඕන.
අරවින්ද මොණරවිල Thursday, 16 October 2025 11:43 AM
ඔයගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කර ගන්න 1978 විපක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා 1980 යාපනයේ සංවර්ධන සභා චන්දය මංකොල්ල කාලා, 1983 දි කිසිම සාධාරණ හේතුවක් නැතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂ තුනක් එක්වර තහනම් කෙරුව බවත් ඉතිහාසයේ සදහන් වෙනවා.
Bunny Preena Thursday, 16 October 2025 01:14 PM
යාලුවෝ හරියට මාලුවෝ වගේ...
ගමේ එකාලා Thursday, 16 October 2025 02:41 PM
යා දෙක නොරත රත.. එකට පෑහීමක්ද නැත. ඔය හදන්නේ ළාමක ටින් ටින් ගේ විපක්ෂ නායකකමට අරින්න තමයි..