(මනෝප්‍රිය ගුණසේකර)
හය වසරට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා නඩු විභාගය අතරතුරදී විත්ති වාචක නෙකැඳවාම සියළුම චෝදනවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචක නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි නීතීඥ රනිල් සමරසුරිය මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විදුහල්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ බීග කුමාරසිංහ මහතාය.
ඔහු මිනුවන්ගොඩ අතිරේක අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළ බවද නඩු ගොනුවේ සඳහන් වේ.
2016 පෙබරවාරී මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි හය වසර පන්තියට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ මව වන යක්කල පදිංචි ශානිකා හෙට්ටිආරච්චි නමැත්තියගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට විත්තිකාර විදුහල්පතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.
දරුවා පාසලට ඇතුලත් කරගැනීම සඳහා විත්තිකරු රුපියල් 50000/-ක් ඉල්ලු බවත් අදාළ අල්ලස් මුදල විදුහල්පති කාමරය තුලදී විත්තිකරුට දුන් බවත් ඒ අවස්ථාවේදී පාසැලේ ගුරුවරු” වෙනත් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එහි සිටි බවත් සාක්කි වලදී අනාවරණ විය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංඝබෝධි විදුහල්පති නිදොස් කොට නිදහස්