(අංජුල මහික වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේද වගකීම බවද ජනාධිපතිවරයා කීය.
දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් විසින් ගනු ලබන තීන්දූ තිරණවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පොදු ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ නොතැබිය යුතු බවද අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
මේ වසරේ 5%ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, රාජ්‍ය ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එයින් රටේ සංවර්ධන කාර්යය පණ ගැන්වීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.
රජය වෙන් කර තිබෙන ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කිරීමට අපොහොසත් වුවහොත් එම චක්‍රය බිඳ වැටෙන බවත්, එබැවින් මෙම ප්‍රතිපාදන නිසි පරිදි වැය කිරීමට සියලුදෙනා කැප විය යුතු බවත් ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මීට පෙර ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ ප්‍රතිපාදන, එම ප්‍රමාණයෙන්ම, නියමිත කාලවලදී නොලැබුණු ඉතිහාසයක් රටේ තිබූ බවද සිහිපත් කළේය.
2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ඉඩම්, වාරිමාර්ග යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
නිල්වලා ලවණ බාධකය පිළිබඳ ගැටලුව කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වූ අතර, දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින එම ගැටලුව විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මාසයක් ඇතුළත පත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංවර්ධන වැඩට වෙන්කළ මුදල්වල ප්‍රතිඵල මේ වසරේම පෙන්වන්න