(නිමන්ති රණසිංහ)
විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා තම ස්වාමියා සම්බන්ධයෙන් තමා ප්‍රකාශ නොකළ දේවල් අධිකරණයට වාර්තා කර ඇති බව සඳහන් කරමින් මරණයට පත්වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ බිරිඳ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (04) දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාය.
තම ස්වාමියා සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර, එහිදී තමන් නොකියූ දේවල් වෛද්‍යවරයා සිය වාර්තාවට ඇතුළත් කර එය අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව එහි අසත්‍ය කරුණු ඇතුළත්ව ඇති බවත් සදහන් කරමින් ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයාව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිද ටානියා ෆර්මන් ෂාෆ්ටර් මහත්මිය එම දිවුරුම් ප්‍රකාශයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම දිවුරුම් ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා විසිනි.
මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෙඅත් බැඳ දමා තිබූ සිප් ටයි පටියේ දත් පාරවල් නොමැති බවත් එය කපාදැමීමේදී ඇතිවූ කඩතොලු සහිත කැළැල් පමණක් ඇතුළත්ව ඇති බවත් රජයේ රස පරික්ෂක වාර්තාවේ සඳහන්ව ඇතැයි ද ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිප් පටියේ දත් පාරවල් ඇති බවට සදහන් කරමින් එය නිරීක්ෂණය කර වාර්තා කැදවිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරික්ෂකවරයා වෙත එම පටිය යොමු කර තිබූ අතර එම වාර්තාව ලබා දෙමින් රජයේ රස පරීක්ෂකවරයා මෙම වාර්තාව එවා ඇතැයි ද ජනාධිපති නිතීඥවරයා අධිකරණයට සදහන් කළේය.
එම රස පරීක්ෂක වාර්තාව ද විශේෂඥ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලෙස මෙහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම වාර්තාව පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩයලයට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෂාෆ්ටර්ගේ බිරිය අධිකරණය කී කතාව