IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිට ඇප

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දූෂණ ක්‍රියා කිරීමේ සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා  ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය.

අත්තනෝමතිකව හා හිතුමනාපයේ ගුවන් ගමන් මෙහෙයවා  රජයට පාඩුවක් කිරීම හා සභාපතිව සිටිමින් ගුවන් සේවිකාවකට විශේෂ වරප්‍රසාද ලබා දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට අල්ලස් හෝ දුෂණ  විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කෙරිණි.

සැකකරුට රුපියල් මිලියන 05 බැගින් ශරිර ඇප 3ක් හා රුපියල් 50,000 මුදල් අපයක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විදේශගමන් තහනම් කිරීමටද නියෝග කළාය.



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 35 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 251 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site