IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


ශෂීන්ද්‍රගේ ඇපෑලට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

අරගල සමයේ විනාශයට පත් කළැයි කියන මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්‍ෂ 88 1/2 ක වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම ඔක්තෝබර් 02 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (04) නියම කළාය.

ඇප අයැදුම්පත සම්බන්ධයෙන් එදින කරුණු තහවුරු කරන ලෙස විනිසුරුවරිය නියම කළාය.

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොනු කර ඇති ඇප ඇයැදුම්පතේ වගඋත්තරකරු වශයෙන් අල්ලස් කොමිසම නම් කර ඇත.

සෙවනගල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2023 වසරේ සිදුවු  අරගලය අතරතුර කිසියම් පිරිසක් විසින් විනාශයට පත් කිරීමෙන් පසු හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළට වු හානිය වෙනුවෙන්  රුපියල් 88,50000/- ක වන්දි ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 06 වැනිදා අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තමන් රිමාන්ඩ් බාරයට පත් කළ බව පෙත්සමේ සඳහන් කර ඇත.

තමන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම අගෝස්තු 12 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ශේප කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටී.

ත්‍පත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ඔක්තෝබර් 02 වැනිදා යළි කැඳවීමට නියම කළාය.



අදහස් (2)

ශෂීන්ද්‍රගේ ඇපෑලට දින දෙයි

පිටිගල මිලානෝ Thursday, 04 September 2025 06:02 PM

වත්කම රුපියල් කෝටි හාරදාහක්….!!!

:       1       8

අචලා Thursday, 04 September 2025 06:11 PM

එතනෝල් හාමිනේ කියන්නේ මෙයාගේ බිරිද... දැන් ඕස්ට්‍රේලියාවට පැනලා ඉන්නේ. මාතලේ බාර් වසන්ත ලක්ෂ්මන්ලාගේ ලයිසන් වල තියෙන්නේ මෙයාගේ නම. මෙයා ගැනත් සොයා බලන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 353 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16577 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 629 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site