IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


විපක්ෂ බලවේග එක්ක දිගටම එකට ඉන්න එජාපය තීරණය කරයි

(අංජුල මහික වීරරත්න)

මූලික සාකච්ඡා වලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ සිටී.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය අදහස් කරයි.

සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණා වලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිණි.

එම සාකච්ඡා වලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය.

මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව එකට වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (3)

විපක්ෂ බලවේග එක්ක දිගටම එකට ඉන්න එජාපය තීරණය කරයි

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 08 September 2025 12:08 PM

මීට කලින් පොර ටෝක් දුන්නේ ටෙලිෆෝන්එකට අලි නැට්ටේ එල්ලෙන්න කියලා. ඒ වුණාට දැන් හදන්නේ අලි නැට්ට ටෙලිෆෝන් වයර් එකේ ගැට ගහන්න. යන-එන මං නැතිවුනහම ඔහොම වෙනවා

:       0       0

Bandara Monday, 08 September 2025 01:44 PM

තනියම ඉඳලා අනාගන්නවාට වඩා නයි - මුගටි වගේ එකට ඉමු. ඊළඟ ඡන්දෙට නොමිනේෂන් දෙනකොට මරාගනිමු...

:       1       4

ලුම්බිණි Monday, 08 September 2025 02:55 PM

වෙන කරන්න දෙයකුත් නැහැ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 542 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17291 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 701 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site