(රංජන් කස්තුරි)
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයක් සඳහා කොළඹ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අද කැඳවනු ලැබීය.
තමා 2022 වසරේදී මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විනය පරීක්ෂණයකට අදාළව එලෙස කොළඹ කැඳවා ඇති බව ලංකාදීපය කළ විමසුමක දී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය.
බදුල්ල ශික්ෂණ රෝහලේ ඖෂධ හිඟයක් තිබෙන බවට තමා එදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ බවත් ඒ සම්බන්ධයෙන් එවකට සෞඛ්‍ය බලධාරීන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් ඔහු පැවසීය.
තමා මෙවර කොළඹ පැමිණියේ එම විනය පරීක්ෂණ මණ්ඩලය හමුවේ 21 වැනි වතාවට පෙනී සිටීම සදහා බව ද පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
වසර කීපයක් තිස්සේ අවස්ථා ගණනාවක දී තමා එලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කැඳවා පරීක්‍ෂණ කටයුතු සිදු කරන බව ද වෛද්‍ය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විනය පරීක්ෂණයකටැයි කියා බදුල්ල දොස්තර 21වතාවක් කොළඹට කැඳවලා
tissa Monday, 08 September 2025 07:13 PM
කාගේත් කාලය කා දැමීම රජයේ ආයතන වල විනෝදාංශයක්....