(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් දුන්නේ ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.
බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි 27 වැනි දා සිට ජූලි 5 වැනි දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ් තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදෙස් බෝරා වරු දොළොස් දහසක් ලංකාවට
Prasa Friday, 13 June 2025 02:57 AM
මේ කට්ටිය ආවා වගේම නැවතත් ඒ ගොල්ලන්ගෙ රටවල් වලටම නැවතත් වීසා ඉවරවෙන්න කලින් යවන්න ඕනෙ . ගල් වෙන්න නොදී ලංකාවේ
ගලගොඩ නානසර Friday, 13 June 2025 08:23 AM
වල් පරයෝ .. මේ අපේ රට යකෝ ... මුන්ට ලියලා දෙන්ඩ හදනවා
Saman Friday, 13 June 2025 10:50 AM
වෙලාවක් තිබ්බොත් තිස්ස විහාරය මඩකලපු විහාරය දීගවාපිය ගැනත් බලන්න
maalaka Friday, 13 June 2025 01:06 PM
මීට කලිනුත් මෙය සැමරුවා වගේ මතකයි .මෙයින් රටට විශාල විදේශ විනිමයක් ලැබෙනවා .ඒ වගේම බෝරා ප්‍රජාව ඉතාම නීතිගරුක සාමකාමී ප්‍රජාවක්
Kumara Friday, 13 June 2025 01:30 PM
Prasa, පුළුවන් වෙලාවක බත් ටිකක් එහෙමත් කාලා පොතක් පතක් පත්තරයක් එහෙම බැලුවොත් නරකද? බෝරා කියන්නේ ලෝකයේ ධනවත්ම ජන කොට්ඨාසයක් ඔවුන් මුස්ලිම් නෙමේ ඒගොල්ලො ශියා ඩුබායිවල, ඇමරිකාවෙ, එංගලන්තය වගේ රටවල් වල ව්‍යාපාර කරන අය මෙ හිඟන රටේ පැලවෙන්නෙ නෑ බොල උන් ..