(කේ. බුද්ධික කුමාරසිරි)
මාලබේ තලාහේන ප්‍රදේශයේ සවිකර තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක තිබූ විදුලි රැහැන් කැපීමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි මාලබේ පොලිසිය පවසයි.
මාලබේ පොලිස් ස්ථානයට අද (14) උදෑසන ලද 119 දුරකථන පණිවිඩය අනුව මාලබේ පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම ට්‍රාන්ස්ෆෝමරය අසල බිම වැටී සිටි පුද්ගලයෙකු දැක පොලිස් ජීප් රථයෙන්ම මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් ඇති බවට රෝහල මගින් දැනුම් දුන් බවද පොලිසිය පවසයි.
තලාහේන ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆොමරයට නැග තඹ කම්බි කැපිමට යාමේදි මෙලෙස විදුලි සැර වැදී ඇති බවට සැක කරන බවද පොලිසිය පවසයි.
මිය ගොස් සිටි පුද්ගලයා වයස අවුරුදු - 35 ත් 40 ත් අතර පිරිමි පුද්ගලයකු වන අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ වනතෙක් තහවුරු කර ගැනිමට නොහැකි වු බවද පොලිසිය පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුලි රැහැන් කපන්න ගිහින් අවසන් ගමන් යයි
පන්සිළු Tuesday, 14 October 2025 11:50 AM
තවත් ජීවත් වුණානම් වෙන්නෙ කුඩු ගහලා මැරෙන එක.
පුවක්දණ්ඩේ විමලේ Tuesday, 14 October 2025 11:58 AM
මොහුට සහ මේ වගේ අනෙක් අයටත් ඉක්මනින්ම නිවන් සුව ලැබේවා. පොහොට්ටුවේ අය මට බනින්න එපා.