IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


විගණකාධිපති තනතුරට ජනාධිපති දුන් නම විසිවේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විගණකාධිපති තනතුරට ජනාධිපති අනුර කුමාර දීසානායක මහතා විසින් යෝජනා කෙරුණු නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (21) ප්‍රතික්ෂේප කර ඇත

ජනාධිපතිවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂකවරයකු වන  එච්.ටී.පී චන්දන මහතාගේ නම මෙසේ යෝජනා කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 21 වැනිදා රැස්වූ අවස්ථාවේදී ඡන්ද විමසීමක් පවත්වා ඇත. ඒ අනුව අගමැතිනී   ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, සභානායක බිමල් රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර්  ආතම්බාවා එම නාම යෝජනාවට පක්ෂව  ඡන්දය ලබාදී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී  පෙරේරා  සහ  සිවිල් සමාජය  නියෝජනය කරන නියෝජිතයන් තිදෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදී ඇත.

එස් සිරිතරන්  මහතා   පමණක් එ් අවස්ථාවට සහභාගිවී නොසිටි  බව වාර්තා වේ.

මේ අනුව විගණකාධිපති තනතුර වෙනුවෙන් තවත් නමක් යෝජනා කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

එම නාම යෝජනාව ලැබුණු පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරි දිනවල නැවත රැස්වීමට නියමිතය.



අදහස් (2)

විගණකාධිපති තනතුරට ජනාධිපති දුන් නම විසිවේ

nipuna Thursday, 22 May 2025 03:34 PM

මෙම තනතුරට පත්කළ යුත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේම සහකාර/ නියෝජ්‍ය/ අතිරේක විගණකාධිපති ලෙස ක්‍රියාකර අත්දැකීම් ලැබූ අයයි...

:       0       11

Kamal Koyrala Thursday, 22 May 2025 04:01 PM

විගණන දෙපාර්තමේන්තුවේ පළපුරුදු සහ දිගුකාලීන සේවා කාලයක් ඇති සුදුසුකම් ලැබූ ඒ තුළින් ඉහලට යාමට දිරි දිය යුතු නොදන්න විෂයන්ට බාහිර පාර්ශව යොදා ගැනීමෙන් අවුල් ඇතිවිය හැකියි .එමෙන්ම ආයතනයේ සේවක අභිපේරණය "නැති වීම" වලක්වා ගත නොහැකි වණු ඇත.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 434 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 218 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1934 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site