IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ආපදාවලින් බදුල්ලේ 18ක් මරුට:තවත් පිරිසක් අතුරුදන්

(ප්‍රසාද්රුක්මල්, සමන්පාලිත නානායක්කාර සහ වියලුව වාර්තාකරු)

දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවන් බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් මරණ 18ක් සිදුව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

මින් වැඩි පිරිසක් සිය නිවෙස්වල සිටියදී නාය යාමට ලක්ව පස් කඳුවලට යටවූව බව ද සහන කණ්ඩායම් පවසයි.

මියගිය පිරිස කන්දකැටිය ප්‍රදේශයේ තිදෙනකු, බදුල්ල කන්දපොළ එක් අයකු, හෑගොඩ ප්‍රදේශයේ තිදෙනකු,සොරණාතොට ප්‍රදේශයේ එක් අයකු,  දෙමෝදර ප්‍රදේශයේ එක් අයකු, ලුණුගල එක් අයකු, මැඩොල්සිම බටාවත්තේ හය දෙනකු,බත්තෑවේ එක් අයකු මියගිය අය අතර සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.  මැටිගහතැන්නේ දෙදෙනකු අතුරුදන් ව ඇත.

--------------------------------------------

වැසි අපදාවලින් බදුල්ලේ 16ක් මරුට

( පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)

අයහපත් කාලගුණ තත්ත්වය සමග අද( 27) උදෑසන වන විට   බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හයක සිදුවූ නායාම්වලින් මේ වන විට 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම් එල් උදය කුමාර  මහතා පැවසීය.

තවත්  දහදෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වන බව ද ඒ මහතා පැවසීය. අ වදානම් ස්ථානවලින් ඉවත් වී තම ජීවිත ආරක්ෂා කර ගන්නා ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහජනතාවට දැනුම් දී තිබේ. 

අතුරුදන් වූවන් සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් පුළුල් ලෙස දියත් කරමින් සිටි.

 



අදහස් (0)

ආපදාවලින් බදුල්ලේ 18ක් මරුට:තවත් පිරිසක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 159 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 231 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1100 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site