IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්

(අංජුල මහික වීරරත්න)

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඉන් පසුව කම්කරුවා යන නාමය ඉවත් වී ගරුත්වයෙන් යුතු රැකියාවක් ඔවුන්ට හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටෙි සිරිකොත සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.

සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සහ ජාතික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් ලබන මැයි මාසයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීය. සමගි ජන බලවෙිගය නියෝජනය කරන සමහරු මන්ත්‍රීවරුන් තමන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තිබෙන විචිකිච්චාව නිසා සෘජුව එජාපයට එකතු වෙන්නට අකමැති වුවද බහුතර පාක්ෂික පිරිසක් දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී සිටින බවද අමාත්‍යවරයා කීය.

 



අදහස් (12)

වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්

Kanchana Sunday, 28 April 2024 11:31 PM

ඔය ගොන් කතා අහලා රැවටෙන්න මෝඩයෝ දැන් මේ රටේ නැහැ.ගෑනිටයි දරුවටයි කන්න දෙන්නේ නැති එකා රටේ මිනිස්සුන්ට කරයිද ?ඉක්මනටම කොරියා යවනවා කියලා මිනිස්සු රවටලා ගත්ත සල්ලි ගෙවනවා...ගිය සුමානේ පත්තරවලත් තමන් ගැන සඳහන් වුනා.හැබැයි පුතෝ උඹ අපේ ඡන්ද ඉල්ලගෙන හිඟමනේ එනවා නොවෙයි,

:       2       19

පිටරටවැසියා Sunday, 28 April 2024 11:44 PM

වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක් - ඒකනම් ඇත්තටම හොඳයි, මොකද කිසිම වැඩක් නොකරන, හොරකම්-මැරකම් විතරක් කරන දියවන්නාවේ තක්කඩි 226ටම විශ්‍රාම වැටුපක් තියෙන එකේ.

:       0       17

පිටරටවැසියා Sunday, 28 April 2024 11:47 PM

සජබ ඉන්න තක්කඩින්ට මොකක්ද තියෙන විචිකිච්චාව සෘජුව එජාපයට එකතු වෙන්නට? දියවන්නාවේ තක්කඩි 226ටම මොළයක් සහ ලැජ්ජාවක් තියෙන අයද??

:       3       14

Perera Monday, 29 April 2024 05:59 AM

දෙන දෙයක් අපි ගන්නම් හැබැයි උඹලාට ඡන්දේ නම් දෙන්නේ නෑ ගොයියෝ

:       2       14

asank Monday, 29 April 2024 07:00 AM

හරි අපි හිතමුකෝ සමගි ජන බලවෙිගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔක්කොම එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා කියලා එකෙන් කියන්නේ ඔයගොල්ලෝ දිනනවා කියලාද අපිනේ ඡන්දය දෙන්නේ අපියි තීරණය කරන්නේ අපිටයි ඒ අයිතිය තියෙන්නේ අපි ඔයා සහ සෑම දෙනා ගැනම හොදට දන්නවා ඔයා සහ ආණ්ඩුවේ ඉන්න අනිත් අය රත්තරං දුන්නත් ඒ රත්තරං අරගෙන මොනවද කරන්න ඕනේ කියලා අපි දන්නවා.

:       2       16

Amare Monday, 29 April 2024 07:23 AM

රනිල්ගේ ගෝලයෝ මේ දවස්වල පොරොන්දු දෙන විදිහට මට හිතෙන්නේ ලංකාව දැන් ලෝකෙයේ පෝසත් ම රට වෙලාද කොහෙද

:       3       14

AB Monday, 29 April 2024 07:40 AM

ලංකාවේ ප්‍රදේශ කිහිපයක අධ්‍යයනයකින් පසු වැඩ කරන වැඩකරන පුරවැසියන් බොහෝදෙනෙකු සමග අදහස් හුවමාරුකර ගැනීමෙන් පසු සැමට විශ්‍රාම වැටුපක් පිලිබදව අදහස ජනාධිපතිවරයාට බාරදෙනු ලැබුවේ 2014 වසරේදීය. එවකට ඔහු විපක්ෂ නායකයාව සිටි අවදියේය

:       2       10

Ajantha Monday, 29 April 2024 07:41 AM

රනිල් කියනවා විශ්‍රාම වැටුප දෙන්න බෑ කියලා.. මෙයා කියනවා දෙනවා කියලා

:       2       11

නිහාල් Monday, 29 April 2024 09:47 AM

දැන් නම් විස්වාසයි ඡන්දෙ ළඟයි

:       1       8

අරවින්ද මොනරවිල Monday, 29 April 2024 10:44 AM

අවුරුදු හතලිහක් තිස්සේ දේශපාලන කෙරුව, හය පාරක් රටේ අගමැති වුණ තවත් වතාවක් පිනට ජනාධිපති වුණ එකකුට දැන් තමයි මතක් වෙලා තියෙන්නේ කම්කරුවන්ට සුබසාධනය කොරන්න. මරු මරු ඉතිරි ටිකත් ඔහොම යමුකෝ අපි බලාගන්නම් ජනාධිපතිවරණයේදි.

:       1       12

Kazi Shajahan Monday, 29 April 2024 12:09 PM

චන්දෙට කලින් බණ අඩුයි ධානය වැඩියි,චන්දෙට පසුව බණ වැඩි ධානය ඇත්තෙම නැහැ .රැවටෙන්න එපා මේ බොරුකාර ,ජම්පර්ස්ලට

:       0       7

සෙනෙවිරත්න Monday, 29 April 2024 01:53 PM

ඔය හදන්නේ ඒ අරමුදල් දෙකට කෙලින්න, මයිනා ඕක කරන්න හදලා කොල්ලෙක් මළා, අහුවෙන්න එපා, මිනිස් ජාවාරම් කාරයින් කියන කතා...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ත්‍රිරෝද රථ කොල්ලකරු පොලිස් දැලේ
2024 මැයි මස 13 31 0

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැගී එහි රිදුරන්ට පිහි පෙන්වා ත්‍රිරෝද රථ ඇතුළු දේපල කොල්ලකෑ පුද්ගලයකු කොල්ලකන ලද තීරෝද රථ දෙකක් සමඟ අත්අඩංගුවට


ගව ඝාතනයට විරුද්ධව යාපනයේ විරෝධතා
2024 මැයි මස 13 229 1

යාපනය දිස්ත්‍රික්කයේ සිදු වන ගව ඝාතනයන්ට එරෙහිව යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.


මන්ත්‍රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය
2024 මැයි මස 13 1176 4

ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ම


සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියැදුරා මාට්ටු
2024 මැයි මස 13 1150 0

පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදු


අවමඟුලට පාර සරසද්දී විදුලි සැර වැදී අයෙක් මරුට:හතරක් රෝහලට
2024 මැයි මස 13 569 0

කලගෙඩිහේන ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට ගිය පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඇති අතර එයින් එක් අයකු මිය ගොස් ඇතැයි පො


දිවයින පුරා වැස්ස වැඩි වේ
2024 මැයි මස 13 309 0

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනපුරා වැස්ස වැඩි වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 647 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2150 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1867 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site