IMG-LOGO

වාහන ගේන්න ඩොලර් කෝටි 45ක ණයවර විවාත්තයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වාහන මෙරටට ආනයනය කර තිබෙන බවත් මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

ණයවර ලිපියක් විවෘත කර පසු මෙරටට වාහනයක් ආනයනය කිරීමට කාලයක් ගතවන බවත් ඉදිරියේදී එම වාහන ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමෙන් පසුව මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.9ක ජංගම ගිණුම් අතිරික්තයක් මෙම වසරේදී ශ‍්‍රී ලංකාව වාර්තා කරනු ඇතැයි මහ බැංකුව පුරෝකතනය කර ඇති බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වසර තුනක් පිටපිට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ ප‍්‍රථම අවස්ථාව මෙය වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී එක්දින ප‍්‍රතිපත්ති පොලී අනුපාතය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා  පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

රුපියල සම්බන්ධයෙන් එහිදී මහ බැංකු අධිපතිවරයා අදහස් ප‍්‍රකාශ කළ අතර පිටපිට වසර දෙකක් ශ‍්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වීමෙන් පසුව මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ඊයේ  දක්වා කාලයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 2.4 කින් අවප‍්‍රමාණය වී තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එසේම ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙම වසර ආරම්භයේ සිට ඊයේ දක්වා කාලෙය්දී ශුද්ධ පදනම මත මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක් මිලදීගෙන තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

 



අදහස් (5)

වාහන ගේන්න ඩොලර් කෝටි 45ක ණයවර විවාත්තයි

Asela Friday, 23 May 2025 12:13 PM

අනුරගේ පාලනය යටතේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට, විශේෂඥයින්, ටියුෂන් මාස්ටර් වැනි බදු පැහැර හරින්නන්ට ඉතා මිල අධික වාහන ගෙන ඒමට අවස්ථාවක් ලබා දී ඇත. ඇත්ත වශයෙන්ම, ඕනෑම ධනවත් ව්‍යාපාරිකයෙකුට සහ බදු පැහැර හරින්නන්ට, රනිල්, මහින්ද හෝ අනුර වේවා, මෙම පාලන ආකෘතියෙන් උපරිම ප්‍රයෝජන ලැබේ. කෙසේ වෙතත්, මධ්‍යම පාන්තික වෘත්තිකයෙකු එන්පීපී පාලනය සුඛෝපභෝගී යැයි හඳුන්වන වාහනයක් මිලදී ගැනීමට දිගු කාලයක් බලා සිටීමෙන් දුක් විඳිනවා. අගේ සමහර විට මෙම බ්ලොග් අඩවියෙන් ප්‍රකාශයට පත් නොකෙරේ.

:       1       8

Menaka Friday, 23 May 2025 04:30 PM

උන් බදු ගෙවලනෙ වාහන ගේන්නෙ. ඔයාටත් සල්ලි තියෙනව නම් බදු ගෙවල කෝට ගණන් වටින වාහනයක් ගේන්න. මෙතන ප්‍රශ්නය වටහා ගන්නැතුව මොකවත් කරන්න බෑ. දේශපාලන පක්ෂ කෝණ අතහැර බැලුවොත් තේරුම්ගන්න පුලුවන් වාහන බදු අඩුකරන්න බෑ කියල. හේතුව වාහන බදු අඩුකලොත් සෑම මධ්‍යම පාන්තික කෙනෙක්ම උත්සාහ කරනව ඉඩමක් හරි විකුණල වාහනය ක් ගේන්න. හැබැයි ඒ රුපියල් ඩොලර් කරන කොට විදේශ සංචිත හිදෙනව. එතකොට ආයෙත් පෝලිම්වල. මොන ආණ්ඩුව තිබුණත් තව වසර 5ක් පමණ යනකම් හෝ රට ස්ථාවර වෙනකම් වාහන බදු අඩුකරන්න බෑ.... තිත්ත ඇත්ත ඒකයි...

:       1       0

Mangala Dissanayake Friday, 23 May 2025 12:35 PM

කොච්චර වාහන ගෙන්නුවත් පොඩි මිනිහට ගන්න පුළුවන් මිලකට එකක්වත් නෑ. මෝටර් බයික් එකක් ලක්ෂ 8, ත්‍රීවිල් ලක්ෂ 20යි. එතකොට රෝද හතරේ වාහන ගැන කියන්න ඕනේ නෑනේ.

:       1       9

pakeer Friday, 23 May 2025 02:16 PM

ලංකාවේ කොහෙද පොඩි මිනිස්සු? ඔක්කොම ඉන්නේ ලොකු මිනිස්සු. එකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ආදායම බෙදීයාමේ විෂමතාව මත.

:       1       1

Kamal Koyrala Friday, 23 May 2025 02:35 PM

කොයි ආණ්ඩුවත් කරන්නේ ධනපතියා රකින එක. එහෙම නේ. මේ ණයවර නිකුත් කරන්නේ මාෆියා කාරයන්ට. කවදාවත් සිහින වාහන සිහිනයක්ම පමණයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 27 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 463 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 239 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site