IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


වාහන ඉල්ලා මන්ත්‍රීවරු 150ක් කතානායකට ලියති

(සුජිත් හේවාජුලිගේ)

තීරු බදු රහිත වාහන බලපත්‍රය  ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින්  යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේදී
බාරදී ඇත.

මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්  මෙන්ම  කනිෂ්ඨ  මන්ත්‍රීවරුද  ඇතුළත් වෙති.

මේ සම්බන්ධයෙන් අප කතානායකවරයා මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්  ඊයේ (28)කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ලිපිය තමා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බවයි.

මෙම  වාහන බලපතේ ගැටලුව විසඳීම තමාට තනිව තීරණය කළ හැකි කාරණයක් නොවේ යැයිද  ඔහු සඳහන් කළේය.

එසේම  මෙම කාරණය ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයටද ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ඉල්ලීමේ යෝජනාව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද  සාකච්ඡා කර ඇත. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ  ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඊට විරුද්ධත්වය පළ කර ඇතැයි දැනගන්නට ඇත.

රට ආර්ථික වශයෙන් අගාධයක සිටින මොහොතක මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත්  සාමාන්‍ය රජයේ සේවකයන්ට ලබාදෙන ආකාරයේ වාහන බලපත්‍රයක් ලබාදීම පමණක් සලකා බැලිය හැකි බවත් මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී තිබිණ.



අදහස් (13)

වාහන ඉල්ලා මන්ත්‍රීවරු 150ක් කතානායකට ලියති

ජයනාත් Monday, 29 April 2024 11:53 AM

අනාගතය දකින බුද්ධිමත් මන්ත්‍රී වරු . එයාල දන්නව ඊලඟ සැරේ පරදින බව. ඊට කලින් සුපිරි වාහනයක් ගන්න ට්‍රයි එක.

:       0       53

ජයනාත් Monday, 29 April 2024 11:53 AM

අනාගතය දකින බුද්ධිමත් මන්ත්‍රී වරු . එයාල දන්නව ඊලඟ සැරේ පරදින බව. ඊට කලින් සුපිරි වාහනයක් ගන්න ට්‍රයි එක.

:       0       27

Nimal Monday, 29 April 2024 12:02 PM

ඊළඟ පාර්ලිමේන්තුවේ මේ අය කවුරුවත් නැහැ

:       0       38

Kazi Shajahan Monday, 29 April 2024 12:15 PM

මේ පාලිමන්ට් එක ජනතාව පිළිගන්නේ නැහැ,ඒ නිසා කිසිම දෙයක් දෙන්න එපා අපේ බදු මුදල් වලින් ,අනික මේ වසර අවසානයේ පාලිමන්ට් එක විසිරුවනවා අනුර ජනාධිපති උනාම

:       4       36

ගජමිතුරු Monday, 29 April 2024 01:50 PM

අනාගත වෙන්න ජනාධිපති ඇතුළු පිරිසත් වාහන ඉල්ලීම කලාද කියන්න මොකද අපි ජනාධිපතිවරණය සදහා මනාපය දෙන්නෙ ඒවා ගැන සළකා බලාගෙන තමයි

:       1       6

අරවින්ද මොනරවිල Monday, 29 April 2024 12:30 PM

ඒ මන්ත්‍රීලාගේ නාම ලේඛනයත් ප්‍රසිද්ධ කෙරුවා නම් ජනතාවට පහසුවෙයි... ඊළඟ මැතිවරණයේදී තීන්දුවක් ගන්න...!

:       0       37

Wije Monday, 29 April 2024 12:34 PM

වරප්‍රසාද දීලා තක්කඩි රැකබලා ගන්න එකම රට ලංකාව...

:       0       30

randunu ekanayaka Monday, 29 April 2024 01:01 PM

පාලිත මහත්තයා ඊයේ පෙරේදා මලා .. ඒ මනුස්සයා ආදර්ශයට ගනු. කවදාවත් ඒ මනුස්සයා වී8 ඉල්ල ගත්තේ නෑ. මුන්ට රථ ගාය මොනවා කරලා ද මිනිස්සු වෙනුවෙන්.. ජනපති තුමනි මුන්ට අපේ බදු මුදල් වියදම් නොකරනු.. උන්ට වී8 නම් උන්ගේ මුදල් වලින් ගන්න කියන්න.. මේ මොන නාඩගමක්ද? මහජනයා දුක්විඳිනවා.

:       0       11

Marikkar Monday, 29 April 2024 01:12 PM

මේ හොර තක්කඩියන්ගේ නාම ලේඛනයත් මෙහා ප්‍රසිද්ධ කරන්න.

:       0       23

C.K.Lankaputhra Monday, 29 April 2024 02:45 PM

දුන්නොත් , දුන්න අය ගැනයි ගත්ත අය ගැනයි එන ඡන්දෙ දි අපි බලා ගන්නං.

:       0       5

DHARMATILEKE Monday, 29 April 2024 03:25 PM

මුන්ට බදු නැති බරකරත්ත දෙන්න

:       0       5

Warnasinghe Monday, 29 April 2024 04:30 PM

මේ අවස්ථාවේ වාහන බලපත් ලබා දීම මගින් ජනපති වීමේ R වික්‍රමසිංහ ගේ අවසන් සිහිනයද කුඩේ කුඩු කර දමනු ඇත

:       0       4

fairoos Monday, 29 April 2024 05:46 PM

ඕන දෙයක් කරගනිල්ලා .. මේ උඹලගේ අන්තිම ඡන්දේ... ඒකත් මතක තියාගත්තොත් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ ගං වතුර මඩින වැඩ කඩිනම් කරයි
2024 මැයි මස 15 20 0

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධ


විජේදාසට එරෙහි දුමින්දගේ නඩුව විභාගයට
2024 මැයි මස 15 320 1

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේක


සා.පෙළ. ට ගිය සිසුවියන් දෙදෙනා අතුරුදන්?
2024 මැයි මස 15 1042 0

අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිම විභාග මධ්‍යස්ථානයට පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ


පිළියන්දල නිවසකින් ගිනි අවි-උණ්ඩ සොයාගනී
2024 මැයි මස 15 794 0

පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ දැනට මියගොස් සිටින පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 116 ක්, මෝටර් උණ්ඩයක


‘අයිස්‘සැකසුම් මධ්‍යස්ථානයක් යාපනයෙන් වටලයි
2024 මැයි මස 15 511 0

යාපනය නුනාවිල්හීදී අයිස් මත්ද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වැටලු බව යාපනය පොලිසිය සදහන් කරයි.


වැස්ස අඩු නොවන හැඩ
2024 මැයි මස 15 598 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 706 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2231 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1919 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site