(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
එච් එස් කේත තුන්සිය හතරක් හැරෙන්නට අනෙකුත් වාහන සීමා කිරීම් මෙසේ ඉවත් කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රජය මුලින් ගත් තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
ඉදිරි සතියේදී පුද්ගලික වාහනවලට අදාල එච්.එස් කේත තුන්සිය හතරකට අදාළ සීමාකිරීම් හැර අනෙක් සීමාකිරීම් ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පරිහරණය සඳහා තියෙන වාහනවලට. එච්.එස් කේත 299 කුත් වෙළෙඳ වාහන හැට හතකුත් සීමා ඉවත් කිරීමට අදාළ වෙනවා. පරණ ගත්ත තීරණය වෙනස් කළා.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව
මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශ
රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට
de silva Wednesday, 04 October 2023 01:43 PM
මොන වාහනද ගෙන්නන්නෙ කියල පැහැදිලි සින්හලෙන් කියන්න පුලුවන්ද ? රටෙ බහුතරයක් ඔය කියන කෙත ගැන දන්නෙ නැහැ
pakeer Wednesday, 04 October 2023 03:56 PM
දැන් ප්‍රශ්නයක් නැහැ. ඩොලර් ලැබෙනවා. අපේ නිෂ්පාදන හුඟක් පිටරටවල් වලට අපනයනය කරනවා. දැන් අවුලක් නැහැ.. අපිට ඕන දෙයක් දැන් කරන්න පුළුවන්. මේක වැටිලා කිව්වට වැටිලා නැහැ. තව ටික දවසකින් ටැක්ස් එහෙමත් අඩුකරයි. ගෑස් එහෙමත් තව රුපියල් 350 න් අඩු කළානේ...!
kr Wednesday, 04 October 2023 07:52 PM
මේ කේත ක්‍රමය අනුව මහජනතාවට ආනයනය කල හැකි පුද්ගලික වාහන මොනවද?