
(රෝෂන් තුෂාර)
වරාය අධිකාරියේ කම්කරු රැකිවක් ලබා දීමට රුපියල් 245000 මුදලක් ලබා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිවාස ඉදි කිරීම් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියා හා ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ කාර්යමණ්ඩලයේ සිටි ඉන්දික බණ්ඩාර විජයසුන්දර සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරී(මේ වන විට) මධූෂ දිලිපන ජයසූරිය සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට රුපියල් ලක්ෂය දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.
අල්ලස් ලෙස ලබාගත් රුපියල් දෙලක්ෂ හතලිස් පන්දහසක මුදලින්, රුපියල් 239,000 මුදලක් ආපසු පැමිණිලිකරුට පියවා තිබීම හේතුවෙන් මෙසේ ඇප නියම කළේය.
මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් 2019 සැප්තැම්බර් මස කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර,අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව සැකකරුවන් විසින් මුදල් ආපසු පියවා ඇති බව අල්ලස් කොමිසම කරුණු දක්වමින් පැවසීය.
අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයන්ට සහාය දැක්වීමටමට සැකකරුවන් කටයුතු කරන බවට හා මුදල් ආපසු ගෙවාඇති කරුණු සලකා බලා ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ජනවාරි 23 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට. නියෝග කළේය.
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වරායේ රැකියාවක් දෙන්න අල්ලස් ගත් දෙදෙනාට ඇප