IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරික කාන්තාවෝ අගයති

(අංජුල මහික වීරරත්න)

කාන්තා නායකත්වය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් භාවයට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

2025 වසරේ ගෝලීය ප්‍රධාන විධායක නිලධාරිනී විශිෂ්ටතම ව්‍යාපාරික කාන්තා සම්මාන උළෙල (Global CEO Top Businesswomen Awards අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී මෙය පැවැත්විණි.

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී සංසදය (Global CEO) සංවිධානය කරනු ලබන 2025 ගෝලීය ප්‍රධාන විධායක නිලධාරිනී  විශිෂ්ටතම ව්‍යාපාරික කාන්තා සම්මාන උළෙල යනු ව්‍යාපාරික ලෝකයේ නිර්භීත නව මිණුම් සලකුණු තබන විශිෂ්ට කාන්තාවන් ඇගයීමේ උළෙලකි. මෙහි දී විශේෂ දක්ෂතා දැක්වූ ව්‍යවසායික දිරිය කාන්තාවන් ඇගයීමට ලක් කෙරේ.

මෙරට ජනගහනයෙන් බහුතරයක් වන කාන්තාවන් අතුරින් මෙරට ආර්ථිකයට දායකවන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉදිරියට යන, සුවිශේෂි කාන්තාවන් ඇගයීම, දායකත්වය ඇගයීම සහ සවිබලගැන්වීම මෙන් ම ශක්තිමත් නායකත්වය, උපායමාර්ගික තීරණ ගැනීම සහ නවෝත්පාදනය සඳහා නොසැලෙන කැපවීම යන ගුණාංග ද ඇගයීමට ලක් කිරීම  මෙම සම්මාන උ‌ළෙලේ අරමුණයි.

උත්සවය ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ  අනාගතය හැඩගස්වන කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීම සඳහා සංවිධානය කරන ලද 2025 ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ඉහළම ව්‍යාපාරික කාන්තා සම්මාන උළෙලට පැමිණීමට ලැබීම සැබෑ ගෞරයක් ලෙස සලකන බව පැවසීය.



අදහස් (1)

ව්‍යාපාරික කාන්තාවෝ අගයති

de silva Thursday, 26 June 2025 03:13 PM

අපරාදේ තරගයේ පළමු ස්ථානය දෙන්න පුළුවන් හොඳම ව්‍යාපාරික කාන්තාව වන දොස්තර මහේෂි විජේරත්න අද ඉන්නේ රිමාන්ඩ් එකේ. රුපියල් 17500 ශල්‍ය උපකරණෙ ඇය විකුණලා තිබෙන්නේ 175000 හෝ ඊට වැඩි මුදලකට. කොහොමද ලාභය 900% පමණ .ඔය එක කාන්තාවක් වත් මේ වගේ ලාභයක් ජීවිතේටම ලබල නැතිව ඇති

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 38 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 191 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site