( සිතුම් චතුරංග)
වවුනියාව, බෝගස්වැව සැළලිහිණිගම ගම්මානයේ නිවසක සඟවා තිබූ ගිනිඅවි රැසක් සඳහා යොදාගන්නා පතොරම් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළෙකු නිල ඇඳුම් කිහිපයක් සමඟ පුද්ගලයකු ඊයේ (21) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණ තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් දෙකක් සමඟ සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු පදිංචි නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම ජීව පතොරම් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිල ඇඳුම් හමුවූ බව පැවසීය.
හමුවූ පතොරම් අතර ටි 56 වර්ගයේ ගිනිඅවි සඳහා යොදාගන්නා ජීව පතොරම් 296ක් , බෝර 12 වර්ගයේ ජීව පතොරම් 27ක් , එම් 16 ගිනිඅවිය සඳහා යොදාගන්නා ජීව පතොරම් 19ක්, ටි 56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතා කරන ආයුධ කට්ටලයක් , ටි 56 ගිනිඅවි පුහුණුව සඳහා යොදාගන්නා පුහුණු පතොරම් 124ක්, මිලිමීටර නවය ස්වයංක්‍රීය පිස්තෝල සඳහා යොදාගත් හිස් පතොරම් කොපු 365ක් සහ භාවිතාකරන ලද ටි.56 හිස් පතරොම් 24ක් සොයාගත් බව සඳහන් කළේය.
තවදුරටත් නිවස පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ යුද හමුදා සහ විශේෂ කාර්ය බලකා නිලඇඳුමට යොදාගන්නා වෙඩිපැක් දෙකක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිල ඇඳුම් කට්ටල ගමන්මළු , සපත්තු, කලිසම් , කැප් සහ පාදයට පලදින ගිනිඅවි බහාලුමක් සොයාගත් බවත් පැවසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
වවිනියාවේ නිවසකින් ගිනි අවි පතුරොම්-STF නිල ඇදුම් මතුවෙයි
Lalith Thursday, 22 May 2025 11:05 AM
සාමය හොයනවා වගේ ආයෙත්