IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


වරද පිළිගත් ‘‘ටොපියාට‘‘ අත්හිටවූ සිරදඬුවමක්

(රෝෂන් තුෂාර)

රූමත් කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අසභ්‍ය කතාන්දර (වල් කතා) ප්‍රචාරය කිරීමේ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යෑමේ චෝදනාවට වරද පිළිගත් කඩුවෙල පුද්ගලයකුට මාස හයක සිරදඬුවමක් වසර පහකට අත්හිටවීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (31) නියම කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගොනු කළ නඩුවක විත්තිකරුවකු වූ දිමුතු චාමර (ටොපියා) නමැති පුද්ගලයකුට මෙම වසර පහකට අත්හිට වූ මාස හයක සිර දඬුවම නියම කළාය .

කොළඹ ප්‍රදේශයේ පාසල් ගුරුවරියක  රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව ගොනු කොට තිබිණි.

තමාගේ ඡායාරූපයක් අසභ්‍ය කතා විකාශය කරන යූටියුබ් නාලිකාවක ප්‍රදර්ශනය වන බවට ගුරුවරිය කරන ලද පැමිණිල්ලට අනුව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකොටට තිබිණි.

 



අදහස් (3)

වරද පිළිගත් ‘‘ටොපියාට‘‘ අත්හිටවූ සිරදඬුවමක්

අරවින්ද මොණරවිල Thursday, 31 July 2025 09:03 PM

ඔය වගේ ලෙඩ්ඩු තව දෙතුන් දෙනෙක් ඉන්නවා යු ටියුබ් එකේ, ඔයාලටත් ඔය ටොපියම දුන්නා නම් හරි....

:       3       59

ටොපියා Friday, 01 August 2025 03:17 AM

අනේ අරවින්ද මහත්තයෝ , ඔබතුමා ඔය කතාකරන්නේ කටින්ද නැත්නම්..? දැනට මාස 3 කට විතර ඉහතදී ඔබතුමා නොවෙයිද මගෙන් ලිංගික අප්‍රානිකත්වයට අත් බෙහෙත් ඉල්ලුවේ ? මගේ ළඟ ඒ ඊ මේල් ඔක්කොම පරිස්සමෙන් ආරක්ෂා කරලා අරන් තියෙනවා. ඔබතුමා විතරක් නොවෙයි සමහර හාමුදුරුවරුන් පවා මගෙන් ලිංගික උපදේශන ඉල්ලලා තියෙනවා. ඔබතුමාත් දැන් ටොපිය කන්නකෝ.

:       0       0

de silva Friday, 01 August 2025 02:36 PM

ඔය youtube එකේ කිසිම හිරිකිතයක් නැතිව පට්ට කුණුහරුප කියන පුද්ගලයින්ටත් විරුද්ධව යමක් කරන්න ඕනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 298 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 646 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site