(සුජිත් හේවාජුලිගේ)
නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද ලිපි යවා ඇත.
වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම මාර්තු 31 වනවිට පැවතුණ සියලුම වත්කම් පිළිබඳ විස්තර සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර කතානායකවරයාට බාරදිය යුතුවේ.
මේ අතර ජුනි මස 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට නොහැකිව ජූලි මස 1 වෙනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙන මන්ත්‍රීවරුන්ගෙන් දඩ මුදලක් අය කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වත්කම් නොදුන් මන්ත්‍රීන් 25 කට හිටපු මන්ත්‍රීන් 100 කට අවවාද ලිපි
අරවින්ද මොණරවිල Friday, 01 August 2025 10:44 AM
ඇයි මේ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න බැරි ?
Rata Perataa Friday, 01 August 2025 11:32 AM
තමන්ගේ වත්කමවත් වෙලාවට ප්‍රකාශ කරන්න බැරි අය කොහොමද වෙන වැඩක් හරියට කරන්නේ?