
(රංජන් කස්තුරි)
පරිපාලන නිලධාරීන්ට විධායක ශ්‍රේණිය ලබාදීම සඳහා විටින් විට සකස් කළ සහ කැබිනට් මණ්ඩලය අනුමත කළ පත්‍රිකා 5 ක් එක්තරා ප්‍රබල වෘත්තීය සමිතියක බලපෑමෙන් ක්‍රියාත්මක කිරීම නතර වී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩු කිහිපයක් යටතේ සකස් කර තිබූ එම කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඇතත් ක්‍රියාත්මක නොකිරීමට එම වෘත්ති සමිතියේ නායකයන් කටයුතු කරන කර තිබෙන බවද පැවසේ
පරිපාලන තනතුරු වන ප්‍රාදේශීය සභා ලේකම්, රෝහල් ලේකම් අධ්‍යාපන විද්‍යා පීඨ ලේකම්, කාර්මික විද්‍යා ලේඛකාධිකාරී අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල පරිපාලන නිලධාරීන් මේ නිසා වසර 20 කට අධික කාලයක් තිස්සේ දැඩි අසාධාරණයට පත්ව සිටින බවද පැවසේ
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතාගෙන් කළ විමසීමකදී මෙසේ සඳහන් කළේය.
ප්‍රාදේශීය සභා ලේකම් තනතුරු 276 ක තම සේවාවේ නිලධාරින් සිටියද ඔවුන්ට මීට පෙර හිමිව තිබූ විධායක ශ්‍රේණියේ උසස් වීම අහිමිකර තිබෙනවා.
ප්‍රාදේශීය සභාවල සහ රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්, පරිපාලන නිලධාරීන් වැනි ඉහළ වගකීම් රැසක් පරිපාලන නිලධාරීන් හොඹවන නමුත් ඔවුන්ට අහිමි කළ විධායක ශ්‍රේණිය නැවත ලබා නොදීමට එක්තරා ප්‍රබල වෘත්තිය සමිතියක් කටයුතු කරමින් සිටින බවද ධර්මසේන මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2454
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෘත්තීය සමිතියක් කැබිනට් පත්‍රිකා පහක් යටකරගෙන
සමන් Thursday, 27 February 2025 06:23 PM
පරිපාලන කිව්වට ඔවුන්ගේ සේවය කලමනාකරණ සහකාර මූලික සුදුසුකම අ.පො.ස. උසස් පෙළ. විශේෂ ශ්‍රේණියේ තවත් සේවාවන් තියෙනවා... මූලික සුදුසුකම උපාධිය තියන... එතකොට මෙයාලාට විධායක දුන්නාම ඒඅයට දෙන්නේ මොකක්ද?
රුවන්Thursday, 27 February 2025 10:55 PM
සමන්ගේ දැනුම අසම්පූර්ණයි. ප්‍රස්තූත කාරණයට අදාලව කළමනාකරණ සහකාර නම් තනතුරක් නැත. රාජ්‍ය සේවය ආරම්භ වූ යුගයේ පටන් සිටි සේවවාන් අතරින් එකකි මෙම සේවාව. තනතුරට පත් වන්නේ පිනට නොව තරඟ විභාගයකින් බුද්ධි මට්ටමකින් යුතු අයයි. උපාධිය ඇත්තවුන් මෙන්ම උපාධිය නැතත් විෂයානුබද්ධ දැනුමකින් යුතු ප්‍රතිශතයක්ද බඳවාගැනීමට ප්‍රතිපාදන ඇති බැවින් බොහෝ විධායක ශ්‍රේණියකම වාගේ එවන් පිරිසක්ද සිටී... අනාධිමත් කාලයක සිට මෙම තනතුරට පැවැති තත්වය 6/2006 හි සේවා මට්ටම් 4 න් අහිමි කර ඇත. කේවල් කිරීමේ බලය මත අසමතුලිතතා මතුවිය. පරිපාලන නිලධාරින්ට වඩා අඩු මට්ටම් වල නිලධාරීන් විධායක තත්වයට පත්කළ අවස්ථා පෙන්වා දිය හැකිය. ඔබ නියෝජනය කරන්නේ පසුකාලීනව ඇති වූ පදනමක් නැති තනතුරක් විය හැකිය. එය තරග විභාග සමත්වීම හා විෂයානුබද්ධ දැනුම හා සැසඳිය නොහැකියි. පරිපාලන නිලධාරියකු වන මා වෘත්තීය වටිනාකමක් සහිත උපාධියක් මෙන්ම උපාධියකට සමාන වසර හතරක HNDA මෙන්ම තවත් නූතන තාක්ෂණික පාඨමාලාද හදාරා ඇත. අද වන විට බොහෝ කලමනාකරණ සේවා නිලධාරීන්ට උපාධි ඇත. පරිපාලන නිලධාරියකු සැහැල්ලුකොට සැලකීම හීනෝද්මාන ලක්ෂණයකි. මා තුළ වෙනත් තනතුරකට ගැරහීම අරමුණක් නැත...
.....................Friday, 28 February 2025 02:41 PM
උපාධිය කියන්නේ උසස් පෙළ සමත්වෙලා අවුරුදු තුනක් ගිරව් වගේ වනපොත් කරලා වරින්වර මාරුකරමින් දෙන ප්‍රශ්නපත්‍ර වලට උත්තර ලියා වැඩි ලකුණු අරගෙන ගන්න එකක්. කළමණාකරන සේවා නිලධාරින් කියන්නේ රජයේ විභාගයකින් සමත්වෙලා අවම වශයෙන් අවුරුදු දහයක්වත් රාජකාරි කරලා හොඳ පුහුණුවක් සහිත පිරිසක්... ඔය අතරේත් උපාධිධාරීන් ඉන්නවා. උපාධිධාරීන් සියල්ල දත්තෝ නම් ඔවුන් රජයේ තරග විභාගවලට බියක් වන්නේ ඇයි? උදාහරණයක් හැටියට ගුරු සේවයට ගන්නා විභාගයට බිය ඇයි?
රංජිත් Friday, 28 February 2025 08:11 AM
වගකීම විතරයි. විභාගයක් තියලා නේද ගන්නේ? එක්කෝ උපාධිය ඕනේ විභාගය ලියන්න. නැතිනම් උපාධිය බලලා අත්දැකීම් එක්ක 25ට වැඩි අයට දුන්නොත් මොකද වෙන්නේ?