IMG-LOGO

වෘත්තීය සමිති නායකයන්ගෙන් වත්කම් බැරකම් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය .

ඒ අනුව ඔවුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා  සදහන් කළේය.

වත්කම් බැරකම් පනත අනුව සියලුම වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුව තිබෙන බවද  ඒත් මේ දක්වා කිසිදු වෘත්තීය සමිති නායකයෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට රජයේ සේවකයින් ආයතන සංග්‍රහයෙන් බැදී සිටින බවද  වෘත්තීය සමිතිවලට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ සඳහන් වන බවද අමාත්‍යවරයා කීය.

 වෘත්තීය සමිතිවල අවුරුදු විස්සක් තිහක් වැඩ කරපු අය එක දවසක්වත් තමන්ගේ රස්සාව කර නැතැයි කී ඇමතිවරයා  රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිතිවලට පුද්ගලයින් පත් කර අවුරුදු විස්සක් රාජකාරී නොකර ඉන්න වැටුප් ගෙවන එක හරිද කියා  ජනතාව තීරණය කළ යුතු බවද මනූෂ නානායක්කාර මහතා පැවසීය.

 රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කරන්නේ ජනතාවගේ බදු වලින් බවද ඒවා ඇතුලේ සාමුහික ගිවිසුම් ගසා පාඩු ලබමින් සිටියදීත් මිලියන ගණනින් අතිකාල ගන්න අවස්ථාව ලබාදීම සාධාරණදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

 



අදහස් (2)

වෘත්තීය සමිති නායකයන්ගෙන් වත්කම් බැරකම් ඉල්ලයි

ajith Tuesday, 04 April 2023 05:49 PM

අවුරුදු විස්සක් රාජකාරී නොකර ඉන්න කණ්ඩායමකට වැටුප් ගෙවන එක හරිද කියා ජනතාව වැඩිකාලයක් යන්න පෙර තීරණය කරාවි. වෘත්තීය සමිති සහ නායකයින් නියෝජනය කරනු ලබන්නේ දේශපාලන කණ්ඩායම් වේ...

:       0       0

හෆීස් Tuesday, 04 April 2023 08:27 PM

පිරිමි මිසීගෙන්ම පටංගමුද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site