IMG-LOGO

වතුකරයේ 76ක් ස්වයං නිරොධානයට

(රංජිත් රාජපක්ෂ)
 
කොවිඩ් 19 වයිරසය පැතිර යාමත් සමග විදෙස් ගතව සිට මෑතකදි මෙරටට පැමිණ වතුකරයේ රැඳී සිටින පුද්ගලයින් 76 දෙනෙකු ස්වයං නිරොධානයකට යොමු කර ඇත.

 
හැටන් , බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , නල්ලතන්නිය , ගිනිගත්හේන , දිඹුල පතන , නොටන්බ්‍රිජ් , වටවල යන පොලිස් බල ප්‍රදේශවල එම පුද්ගලයින් 76 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
 
එම පුද්ගලයන් ස්වයං නිරොධානයේ යෙදෙනවාද යන්න මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු අද(21) ඔවුන් පදිංචි නිවාසවලට ගොස් අධීක්ෂණය කළහ.
 
හැටන් ප්‍රදේශයේ නවාතැන්පලවල්වලට පැමිණ සිටි හොංකොන් ජාතිකයන් දෙදෙනෙකුද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් කෙරුණු අතර එම විදේශියන් දෙදෙනා 18 දින දිවයිනට පැමිණි ඇති බවට අනාවරණය විය.
 
එම විදේශිකයන් දෙදෙනාට දින 14 යන තෙක් ස්වයං නිරොධානයකට යොමු වන ලෙසට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු උපදෙස් දුන්හ.
 
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ බල  ප්‍රදේශයට අයත් එම පොලිස් ස්ථාන නවයේම පදිංචි 76 දෙනාට ස්වයං නිරෝධානයේ යෙදෙනෙ ලෙස හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ(20) දින නියෝගයක්ද නිකුත් කර ඇත.
ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කිමත් සමග කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටි විශාල පිරිසක් (20) දින වතුකරයේ ඔහුන් පදිංචි නිවාස වලට පැමිණි අතර , වතුකරයේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ දැඩි අවධානම තවදුරටත් පවතින බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරු පෙන්වා දුන්හ.



අදහස් (1)

වතුකරයේ 76ක් ස්වයං නිරොධානයට

Vajira Saturday, 21 March 2020 10:08 AM

18 වෙනිදා හොන්කොන් වලින් දෙන්නෙක් මෙහෙට ආවේ කොහොමද? නිතිය හරියට ක්‍රියාත්මක වෙනවාද සැකයි. හොන්කොන් කියන්නේ කොරෝනා මුලින්ම පැතුරුණු රටක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 383 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 946 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1327 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site