චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.
චීන සහ විදේශීය සමාගම් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට සිය මෝටර් රථමාදිලි රැසක් ඉදිරිපත් කර තිබිණි.
නව මෝටර් රථමාදිලි 117 කට ආසන්න ප්‍රමාණයක් ඒ අතර විය.
චීනයේ විද්‍යුත් මෝටර් රථ වෙළඳපොළ නැගීමෙන් පවතින බවට බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය හොඳම උදාහරණයක් වූවේය.
බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයේදී බී.වයි.ඩී , සීකර් සහ ෂියෝමි සමාගම් සිය නව මෝටර් රථ මාදිලි ප්‍රදර්ශනය කළේය.
සීකර් මික්ස් රථය
සීකර් සමාගම ඉදිරිපත් කළ සීකර් මික්ස් රථය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි කා අතරත් කතාබහට ලක් විය.
සීකර් මික්ස් බහු කාර්ය මෝටර් රථයක් වන අතර එහි ඇති ආසන කැරකැවිය හැක.ඒ හේතුවෙන් මෝටර් රථය නතර කළ විට සීකර් මික්ස් රථය කාමරයක් බවට පරිවර්තනය කරගත හැක.
යැන්ග්වැන්ග් යූ8 එස්.යු.වී රථය
බී.වයි.ඩී චීන විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි.
ඊලෝන් මස්ක්ගේ නින්ද සොරා ගැනීමට බී.වයි.ඩී සමාගම සමත් වී ඇතැයිද මතයක් පවතී.
බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයේදී බී.වයි.ඩී සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය වූ යැන්ග්වැන්ග් යූ8 මෝටර් රථය එළිදැක්වූවේය.
එම රථය ඇමරිකානු ඩොලර් 150,000 මුදලකට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 450කට පමණ) මිල කර ඇති අතර මෙම රථයට ජලයේ විනාඩි තිහක කාලයක් පාවිය හැක.
එසේම යුද ටැංකියක් එක තැන සිට ආපස්සට හැරෙන ආකාරයෙන් හැරීමටද යූ 8 රථයට හැකියාව ඇත.
අමතර ඇමරිකානු ඩොලර් 14000 මුදලකට යූ8 රථයට අමතර ඩ්‍රෝන යානයක් ද සවිකර ගත හැක.
බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයේදී වැඩිම අවධානයක් හිමිවූ තවත් එක් මෝටර් රථමාදිලියක් වූයේ ෂෙපෙන්ග් සමාගමේ පියාසර කළ හැකි මෝටර් රථයයි.මෙම මෝටර් රථය ඒරෝ එච්.ටී ලෙස නම් කර තිබිණි.
එසේම ෂියෝමි සමාගමේ එස්.යූ 7 විද්‍යුත් මෝටර් රථයට ප්‍රදර්ශනයේ ප්‍රධාන චරිතය හිමිවිය.
රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 ව
ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ’’සුරක්ෂා’’ සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ති
දිවයිනපුරා පවතින වැසි සහිත සුළං තත්ත්වයෙන් බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිත අඩාලවී තිබේ.
නාය යාම හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්ව අවහිර වී වැසී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකම අද( 19 ) විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්