IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ලොකු පැටීගේ රුපියල් කෝටි 1000 සුදු කළ දෙදෙනකු සොයයි

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැත්තාගේ රුපියල් කෝටි 1000 කට ආසන්න මුදල් ගනුදෙනු සිදුකළ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

ලොකු පැටී නැමැත්තා විසින් ගිණුම් ගත කළ මුදල් එක් සැකකරුවකු උණ්ඩියල් ක්‍රමයට රට යවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ලොකු පැටී නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් කටයුතු භාරව කටයුතු කළ කපුවකු ඉකුත් දා ගන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුගේ ගිණුමේ රුපියල් කෝටි 33 ක මුදලක් සංසරණය වී තිබූ බව පොලිසිය පවසයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී රුපියල් කෝටි 1000 ක මුදල් ගනුදෙනු කළ ගිණුම් දෙකක් හදුනාගෙන තිබුණි.

එම ගිණුම්වලින් ගනුදෙනු කළ පුද්ගලයන් ද මේවන විට හදුනාගෙන ඇති බව පොලිසිය කියයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘ලොකු පැටී‘ නැමැත්තා දැනට බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

 



අදහස් (0)

ලොකු පැටීගේ රුපියල් කෝටි 1000 සුදු කළ දෙදෙනකු සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site